(අංජුල මහික වීරරත්න)
සමුද්‍රීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධ පාර්ශ්වකරුවෝ විසින් මෙහිදී සිය ක්ෂේත්‍ර වලට අදාලව අයවැය යෝජනා ඉදිරිපත් කරන ලද අතර, මෙරට ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළහ.
එමෙන්ම, සමුද්‍රයීය කර්මාන්ත ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට දායක කර ගැනීම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.
ආනයන සහ අපනයන වර්ධනය කර ගැනීම සඳහා සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය පුළුල් ලෙස දායක කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, දැනට අක්‍රීයව පවතින වරාය සංවර්ධනය කර ආදායම් උපයා ගැනීම කෙරෙහිද අවධානය යොමු විය.
යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම සහ තරඟකාරීත්ව සේවා සැපයීම මගින්, ශ්‍රී ලංකාවට ගෝලීය සමුද්‍රයීය ව්‍යාපාරයේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd