IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මිරිදිය මසුන් ආරක්ෂා කරන්න කැබිනට්ටුවෙන් දැලක්

(අංජුල මහික වීරරත්න)

මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන අස්වනු ආරක්ෂා කර ගැනීම සඳහා තෝරා ගත් නිත්‍ය ජලාශවල දැල් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙත පෝෂදායී ආහාර වේලක් ලබා දීම සඳහා මිරිදිය හා ජලජීවී වගාව මඟින් විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. එහෙත්, රට අභ්‍යන්තරයේ ඇති පලාශ පිටාර ගැලීමේදී මෙන්ම සොරොව් හරහා එම ජලාශ වල ජලය මුදා හරින අවස්ථා වලදී මසුන් ඉවතට ගසාගෙන යෑම මිරිදිය මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩු වීම කෙරෙහි දැඩි ලෙස බලපා ඇත.

එක් මිරිදිය ජලාශයකින් වසරකට කිලෝ ග්‍රෑම් 20,000-40,000 අතර ප්‍රමාණයක මසුන් මෙසේ මිනිස් පරිභෝජනයට ගැනීමට පෙර ඉවත යන බව හඳුනාගනු ලැබ තිබේ. පරිණත වූ මසුන් ඉවතට ගසා ගෙන යාම, මත්ස්‍ය ගහණය අඩු වීම කෙරෙහි සහ අභිජනන හැකියාව ඇති  මසුන් ඉවත් වීමෙන් අනාගත මත්ස්‍ය තොගවල සීඝ්‍ර අඩු වීම කෙරෙහි බලපාන බව පෙන්වා දී ඇත. 

එබැවින්, මිරිදිය මත්ස්‍ය අස්වැන්න අහිමි වීම වැළැක්වීම සඳහාත්, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සඳහාත් වසර 2 ක් තුළ තෝරා ගත් නිත්‍ය මිරිදිය ජලාශ 250ක බාධක දැල් ස්ථාපනය කිරීමේ වැඩ සටහනක් ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

මිරිදිය මසුන් ආරක්ෂා කරන්න කැබිනට්ටුවෙන් දැලක්

නයිල් Friday, 05 September 2025 06:37 PM

මේවා ටිකක් හිතලා බලලා කරන්න. සමහර මසුන්ගේ ජීවන චක්‍රයේ කොටසක් ලෙස ජීවිතයේ නොයෙක් කාලවලදී ජල මාර්ගයේ ඉහලටත් පහලටත් ගමන් කරනවා. උදා: ආඳා වැනි මසුන්. මේ දැල් නිසා ඔවුන්ගේ ගමන අවහිර වී සම්පූර්ණයෙන් වඳ වී යා හැකියි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site