
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාල කල්ලි නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මිදිගම චූටි නැමැත්තා මීට දින තුනකට ඉහතදී ඕමානයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පාතාල මර්දන කටයුතුවල නිරත උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මිදිගම චූටි ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන පවා නිකුත් කෙරුණු අයකු බව කියති.
නදුන් චින්තක හෙවත් හරක්කටා සහ මිදිගම රුවන් නමැති පාතාල නායකයන් සමග එක්වී කටයුතු කළේ යැයි කියන මිදිගම චූටි නැමැත්තා ඩුබායි රටේ සැඟව සිට පසු ඕමානයට පලා ගොස් සිටින්නකු බව පොලිසිය වැඩිදුරටත් කීය.
නදුන් චින්තක නමැත්තා මැඩගස්කරයේදී ද මිදිගම රුවන් නමැත්තා ඩුබායිහිදීද අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඉකුත්දා මෙරටට රැගෙන එනු ලැබූහ.
මෙම පාතාල නායකයන් දෙදෙනා මෙරටට රැගෙන ඒමෙන් පසු මිදිගම චූටි නැමැත්තා ඕමානයට පලා ගොස් සැඟවී මෙරට සිටින ඔහුගේ ගෝල බාලයන් යොදවා දකුණු පළාතේ මනුෂ්‍ය ඝාතන කිරීම් සහ ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවමින් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd