
(මනෝප්‍රිය ගුණසේකර)
අපරාධමය සිද්ධියක් සම්බන්ධයෙන් බාලවයස්කරුවකු අත්අඩංගුවට ගතහොත් පොලිස් නිලධාරීන් පිළිපැදිය යුතු රීතී මාලාවක් ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය යම් අපරාධයකට අදාළව අත්අඩංගුවට ගන්නා බාලවයස්කාර දරුවා පැය හයක් ඇතුළත මෙන්ම උසාවියකට ඉදිරිපත් කිරීමට පෙර දෙමව්පියන්ට පෙන්විය යුතු බවට සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට අද (02) නියෝග කළේය.
රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදොස් කොට නිදහස් කළ බාලවයස්කාර දරුවාගේ මූලික මිනිස් අයිතිවාසිකම් හතරලියද්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතු`ථ නිලධාරීන් විසින් කඩකර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට එලෙස නියෝග කළේය.
රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වු අදාළ බාලවයස්කාර දරුවාට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ තුනක වන්දියක් සිද්ධියට ලක්වූ ළමයාටද තවත් රුපියල් 75000/-ක වන්දියක් දරුවාගේ පියාටද ගෙවීමට එවකට හතරලියද්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක වීරකෝන් මහතාට නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනීණ.
හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවරිදි වියේ පසුවු දරුවකු සහ ඔහුගේ පියා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් එවකට හතරලියද්ද පොලිසියේ වැඩබලන ස්ථානාපතිවරය වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක විරකොන් මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.
අනෙකුත් විනිසුරුවරුන්ගේ එකගතාවයෙන් ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද අතර එම තීන්දුවේ මෙසේද සඳහන් කර ඇත.
පෙත්සම්කාර ළමයාගේ ඥාතීන් පිරිසක් විසින් කරන ලද පැමිණීල්ලකට අනුව රන් භාන්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙත්සම්කාර ළමයා හතරලියද්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයිද එලෙස අත්අඩංගුවට ගනු ලැබු ළමයාට හතරලියද්ද පොලීසියේ නිලධාරීන් විසින් පහරදී වධහිංසා කර පසුව මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ළමයා නිදොස් කොට නිදහස් කර ඇති බව තීන්දුවේ සඳහන් කර ඇත.
ළමයා අත්අඩංගුවට ගැනීමදී පහරදීමක් සිදුවී ඇති බව පෙත්සම් විභාගයේදී ඉතිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී පැහැදිලි වන බවත් ඒ අනුව ළමයාගේ පියා දැඩි චිත්තවේදනාවට පත්වීම පැහැදිලි වන බවත් පොලිසිය විසින් ළමයා අත්අඩංගුවට ගැනීම සහ රඳවාගෙන පහරදිම තුළින් දරුවාගේ සහ පියාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය හතරලියද්ද පොලිසියේ එවකට වැඩබලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පෙත්සමේ පළමුවැනි වගඋත්තරකරු එයට වගකිවයුතු බවටද තීන්දු කළේය.
එහෙයින් සිය පෞද්ගලික මුදලින් පෙත්සම්කාර ළමායාට රුපියල් ලක්ෂ තුනක වන්දියක්ද දරුවාගේ පියාට රුපියල් 75000/-ක වන්දියක්ද ගෙවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අමතරව බාලවයස්කාර ළමුන් අත්අඩංගුවට ගැනීමේදී පිළිපැදිය යුතු රීතී මාලාවක්ද ප්‍රකාශයට පත් කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ පුලස්ති හෙවාමාන්න මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd