(නිමල් ජයරත්න)

බඹරුන් විදිම හේතුවෙන් මැණික්වෙල ප්‍රාථමික  විද්‍යාලයේ සිසුන් හයදෙනෙකු සහ ගුරුවරියක අද( 23 ) මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව මනම්පිටිය රෝහල් ප්‍රකාශයකු අප කළ විමසීමකදී පැවසීය. 

එම සිසුන් පිරිස සහ ගුරුවරිය මහවැව ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට පැමිණි අවස්ථාවේදි මෙම බඹර ප්‍රහාරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.