(මනෝප්‍රිය ගුණසේකර)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය කීපයක් අද පස්වරුවේ ප්‍රමාදවීම සහ අවලංගුව වීම නිසා කාර්යාල සේවකයන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් ව සිටිති.

මේ හේතුවෙන් කොළඹ කොටුව, මරදාන,දෙමටගොඩ සහ කැලණිය දුම්රිය ස්ථානවල මගින් විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත් වූ අතර පිරිසක් දැඩි කෝපයෙන් යුතුව අදහස් ප්‍රකාශ කරනු දක්නට ලැබිණි

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී කියා සිටියේ එවැනි ප්‍රමාදයක් නොමැති බවයි.