(රෝෂන් තුෂාර)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට විදෙස් ගමන් බලපත්‍රයක් සෑදීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන ආගමනය විගමන දෙපාර්තමේන්තුවේ සේවකයෙකු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (12) නියෝග කළාය.

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සේවක ඉන්දික බණ්ඩාර නමැති සැකකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.