(ප්‍රියාණි මංගලිකා)
නිකවැරටියේ ප්‍රධාන ජාතික පාසලක උසස් පෙළ සිසුවකු පහර දුන් බව සහකාර විදුහල්පතිවරයකු නිකවැරටිය මූලික රෝහලට ඇතුලත්ව ඇති අතර ගුරුවරයා පහරදීම නිසා සිසුවකු ද නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
විදුහල්පති වරයාගේ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරින් පාසලට ඇති අතර ,එම අවස්ථාවේ ගුරුවරුන් පංතිවලින් එලියට බැස සිටි බවද පොලීය සඳහන් කරයි.
ඒ අනුව දරුවාගේ ආරක්ෂාව සහ ප්‍රකාශයක් ලබා ගැණීම සඳහා සිසුවා පොලීසියට රැගෙන ආ බවද , ගුරුවරයාද තමාට පහර දුන්බව ප්‍රකාශ කිරීම නිසා දරුවා ඔහුගේ මව සමග නිකවැරටිය මූලික රෝහල වෙත යැවීමට පියවර ගත් බවද පොලීසිය සඳහන් කරයි.
මෙදින පාසලේ පැවති මාපිය රැස්වීමක ගීතයක් ගැයීමට මෙම සිසුවා සුදානමින් පැමිණ ඇති බවද , අදාල ගුරුවරයා එයට අවස්ථාව ලබා නොදීම හේතු කරගෙන ගුරුවරයා සහ සිසුවා අතර ඇති ඇති වූ බහින්බස් වීමක් දුරදිගයාමෙන් ,මෙම සිද්ධිය සිදුව ඇති බවට , මේ වන විට අනාවරණය වූ බව ද තව දුරටත් සිද්ධිය පිළිබඳව විමර්ශන සිදු කරන බව ද පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd