(රන්ජන් කටුගම්පොළ)
දළදා මාලිගාවේ වත්මන් වැඩ බලන නිලමේ නිලංග බණ්ඩාර දෑල මහතා විසින් සිදු කරන ලද යම් අක්‍රමිකතාවයන් වළක්වන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රාථමික සෞඛ්‍ය වැඩිදියුණුගේ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී සිදු ව ඇති අක්‍රමිකතාවයන් වළකාලන ලෙස නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සම්වල වගුත්තරකරුවන් වශයෙන් දළදා මාලිගාවේ වැඩ බලන නිළමෙ නිලංග දෑල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
දළදා මාලිගාවේ වැඩබලන නිලමේ නිලංග දෑල මහතා විසින් ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය නමින් පෞද්ගලික ආයතනයක් පිහිටුවා ඇති බවද ඊට අමතරව මාලිගාවට අයත් ප්‍රවේණිගත ඉඩම් සහ චංචල දේපළ බදු දීම මගින් විවිධ අක්‍රමිතා සිදුකර ඇති බැවින් එම අක්‍රමිකතාවයන් වලකාලන අතුරු නියෝගයක් නිකුත් යන ලෙසද එක් පෙත්සමකින් ඉල්ලා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රථමික සෞඛ්‍ය දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැඳවූ ටෙන්ඩරය කිසිදු සුදුසුකමක් නොමැති සමාගමකට ප්‍රදානය කිරීම මගින් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීම කර ඇති බැවින් එම ටෙන්ඩරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද අනික් රිට් පෙත්සමෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd