(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ) දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් 63 ක් සහ බලවේග කට්ටල 40ක් අවුරුදු අටකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන නවතා තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවිය. කෝපා කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (22) වැනිදා රැස්වීය. මේ තොරතුරැ අනාවරණය වූයේ එම රැස්වීමේදීය. එම කාරක සභා රැස්වීමට සාමාජික මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, සුගත් තිලකරත්න, නීතීඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර, සුසන්ත කමාර නවරත්න සහ වෛද්‍ය ජනක සේනාරත්න යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
1
ඉන්දු - චීන යුද්ධය සාකච්ඡාවෙන් නැවැත්වූ සිරිමාවෝගේ නොබැඳි ආදර්ශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd