(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ජනාධිපති පොදු සාමාව අනීතික ලෙස භාවිතා කරා වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන හෙට (11) දින දක්වා බන්ධනාගාර ගත කළ වැඩ තහනමට ලක් කළ හිටපු බන්ධනාගාර කොමසාරීස් ජෙනරාල් තුෂාර උපුල් දෙනිය මහතා  බන්ධනාගාර රෝහල වෙත යොමු කළ බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකාර තුෂාර උපුල් දෙනිය මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට බන්ධනාගාරයේදී විශේෂ ආරක්ෂාවක්ද ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ පාතාල ක්‍රියාකාරකයන් ඇතුළු  රැඳවියන්  2300 ක් පමණ දෙනා රඳවා සිටින බැවින් එය හිටපු බන්ධනාගාර කොමසාරීස් ජෙනරාල්වරයාගේ ජීවිතයට තර්ජනයක් බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ,මෙන්ම වැඩ බලන බන්ධනාගාර කොමසාරිස්  ජනරාල් නිශාන් දනසිංහ මහතාගෙන් උපදෙස් ලබාගෙන  සැකකාර තුෂාර උපුල් දෙනිය මහතාව බන්ධනාගාර රෝහල වෙත යොමු කළ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.