(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බව කියන වින්දනී  ප්‍රිය දර්ශික සූරිය ආරච්චි නොහොත් පොඩ්ඩි නැමති කාන්තාවට අයත් රුපියල්   ලක්ෂ 500 ක දේපළ  තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

එම ජාවාරම්කාරිය මත්ද්‍රව්‍ය විකුණා උපයා ගත් මුදල් වලින් මෙම දේපළ මිලදීගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අතර රුපියල් ලක්ෂ 225 ක් වටිනා කොළඹ 14   පිහිටි කඩ කාමර තුනක් හා රුපියල් ලක්ෂ 75 ක් වටිනා එම ප්‍රදේශයේම පිහිටි කඩ කාමරයක්ද වන බව පොලිසිය සඳහන් කරයි. 

ඊටඅමතරව කොළඹ 14 පිහිටි රුපියල් ලක්ෂ 200 ක් පමණ වටිනා තෙමහල් නිවසක්ද තහනමට ලක් කළ බව පොලිසිය කියයි.

එම සැකකාරිය 1999 සිට 2015 දක්වා කාලය තුළදී  මත්ද්‍රව‍ය  වැරදි සම්බන්ධයෙන් හත් වතාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තැනැත්තියක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත