(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ශ්‍රවණාගාරයේ විදුලි  රැහැන් පද්ධතිය කපා එහි ඇති තඹ කම්බි සොරාගෙන ඇති බවට  කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

හයවන මහලේ ශ්‍රවනාගාරයේ දොරක් කඩා ඇතුළු වී තිබූ කිසියම් පුද්ගලයකු ශ්‍රවනාගාරයේ විදුලි උපකරණ වලට විදුලි සම්බන්ධතාවය ලබා දී තිබූ විදුලි රැහැන් පද්ධතිය කපා ඒ තුළ අඩංගුව තිබෙන තම කම්බි මෙලෙස සොරාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම සොරකම 2025 අගෝස්තු මස 01 වෙනිදින ත් 2025 සැප්තැම්බර් මස 24 වෙනිදින ත් අතර කාලයේදී සිදුවී ඇති බව පවසමින් ගොඩනැගිලි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා විසින් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් කර ඇත.

සොරාගන්නා ලද දේපල වල වටිනාකම මෙතෙක් ලබාදී නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.