IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොළඹ ජාතික රෝහලට පැය 3ක අධ්‍යක්‍ෂවරයෙක්

(යොහාන් භාසුර)

රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කොළඹ ජාතික රෝහලේ වැඩආවරණය කිරීමට පත් කිරීම සඳහා පත් කිරීමෙන් කොළඹ ජාතික රෝහලේ දිනක සේවා කාලය පැය 3 කට සීමා වී ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙති.

රාගම ශික්‍ෂණ රෝහලේ නිත්‍ය අධ්‍යක්‍ෂවරයා කොළඹ ජාතික රෝහලේ වැඩ ආවරණය කිරීම සඳහා මීට මාස දෙකට පමණ පෙර පත්කළ බවත් මෙරට විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයා පැය තුනක් පමණක් සේවය සැපයීම ප්‍රමාණවත් නොවන මෙන්ම පිළිගත නොහැකි බවත් වෛද්‍යවරු සඳහන් කරති.

මෙම තත්වය හේතුවෙන් මෙරට තුන්වැනි විශාලතම රෝහල වන රාගම රෝහලේ ද කටයුතු බාධා ඇති වන බව කියන වෛද්‍යවරු සෞඛ අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ද සඳහන් කරති.

මෙම තත්වය මත ජාතික රෝහලේ සේවාවන් බිඳ වැටීමේ අවදානමක් ඇති බවත් සේවක විනය ද සීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන බවත් වෛද්‍යවරු කියති.

 



අදහස් (2)

කොළඹ ජාතික රෝහලට පැය 3ක අධ්‍යක්‍ෂවරයෙක්

වලේසුදා Monday, 09 June 2025 04:01 PM

මාලිමා ගැති වෙන කෙනෙක් හොයාගන්න නැතිව ඇති...

:       8       11

ගුණරත්නMonday, 09 June 2025 06:18 PM

ඔව් මාලිමා ගැත්තෙක් දොස්තරලා අතර අඩුයි නේ? ඉතින් ඔය දණහිස්ස වගේ ඔල්මොරොන්දන් කාරයෙක් හොයාගන්න බැරිව වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site