
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහතුඩුව සියබලා ගොඩ ඔළුපට්ටාව වැවේ පාවෙමින් තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (27) පෙරවරුවේ හමු වූ බව කහතුඩුව පොලිසිය කියයි.
එම පුද්ගලයා වයස අවුරුදු 50 වැඩි බව සිතිය හැකි යැයි පොලිසිය කියයි.
119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව කහ තුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැව අසලට ගොස් සිදු කළ පරික්ෂාවේ . වැවේ සොරව්ව ආසන්නයේ පාවෙමින් තිබියදී මළ සිරුර සොයාගෙනඇත.
කහ පාටට හුරු අත් කොට ටී ෂර්ටයකින් හා කොට කලිසමකින් එම පුද්ගලයා සැරසී සිට ඇතැයි පොලිසිය කල් සඳහන් කරයි.
ඊයේ සවස් යාමේ පුද්ගලයන් සිව් දෙනකු පමණ සොරව්ව අසල මත්පැන් පානය කර සිටි බවත් එම පිරිස අතර කහ පාටට ගුරු ටී ෂර්ටයකින් සැරසී සිටි පුද්ගලයකු සිටි බවට අසල්වාසීන්ගෙන් තොරතුරු ලැබුණු බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd