(මනෝප්‍රිය ගුණසේකර)
පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ගැනීමට යමකු පොලිසියට කැඳවන අවස්ථාවකදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා දැනුවත් කිරීමට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් චක්‍රලේඛයක් වැඩබලන පොලිස්තිපතිවරයා විසින් පොලිස්ථාන වෙත නිකුත් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
සමාජ මාධ්‍යයක පළ කළ කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලිසියට කැඳවූ බලශක්ති විශේෂඥයකු වු එම්.වී.බී. රැළපනාව මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි දැනුම් දුන්නේය.
බලශක්ති විශේෂඥයකු වු එම්.වී.බී. රැළපනාව මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිසියේ පරිගණක විමර්ශන අංශය” නීතීපතිවරයා ඇතුලු පිරිසක් නම් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි, සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd