
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ෂවීන් සේමගේ මහතාගේ පිළියන්දල පැළැන්වත්ත නිවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු වී ඇතැයි පොාලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් දුරකථන තාක්ෂණය ද සම්බන්ධ කරගනිමින් පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් 9 වෙනි දින මධ්‍යම රාත්‍රියේදී එම පුද්ගලයන් නිවසට ඇතුළු වී තිබිණි .
එම පුද්ගලයන් දෙදෙනා විධායක නිලධාරීවරයා නිදා සිටි කාමරයට එබී බලා විනාඩි දෙකක පමණ කාලයේදී නිවෙසින් පිටවී යන අයුරු නිවසේ සවිකර තිබෙන සීසිටීවී කැමරාවේ ද සටහන්ව තිබිණි.
එම පුද්ගලයන් නිවස කරා පැමිණ ජනේලයේ විවෘත කරන අන්දම හා යකඩ රාමුව ගලවා නිවස තුළට පැමිණෙන අන්දම නිවසේ සවිකර තිබෙන සි සි ටිවි කැමරාවේ ද සටහන්ව ඇතැයිද පොලිසියේ සඳහන්කරයි.
එලෙස පැමිනි පුද්ගලයන් දෙදෙනා විධායක නිලධාරීවරයාට තර්ජනය කිරීමක් හෝ නිවසේ කිසිදු වටිනා දේපළක හෝ ලිපි ලේඛනයක් රැගෙන යාමක් සිදු නොකර තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd