
සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර හමුවක් කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේදී අද සිදු විණි.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්වීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට බඳුන් විය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක්වී වැඩ කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත.
එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් සහ උපසභාපති නවීන් දිසානායක මහත්වරු ද එම හමුවට එක් වූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.