(අංජුල මහික වීරරත්න)
කවුරු මොන විදිහට උද්ඝෝෂණය කළත් ,පාරේ හිටියත් 2027 වැටුප් වැඩි කරන තෙක් රාජ්‍ය සේවයේ දීමනා වැඩි කරන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය.
2027 වසරේ රාජ්‍ය සේවයේ තුන්වන වැටුප් වර්ධකය ලබා දුන් පසුව අයවැයට එන බලපෑම දෙස බලා අනෙක් දීමනා ගැන කල්පනා කරන බව ජනාධිපතිවරයා කීය.
රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩි කිරීම වැදගත් බව රජය කල්පනා කර තිබෙන බව කී ජනාධිපතිවරයා මෙලෙස මූලික වැටුප වැඩි කිරීම සඳහා 2025 වසරේදී
රුපියල් කෝටි 11000ක් ද 2026 වසරේ තව කෝටි 11000ක් වැය කරන බව සඳහන් කළේය.
2027 වසරේ ඊළඟ වැටුප් වැඩි වීම සඳහා තවත් කෝටි 11000ක් වැය කරන බව කී ජනාධිපතිවරයා 2027 වනවිට රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සඳහා පමණක් රජය දරණ වියදම කෝටි
33000ක් බව කීය.
එහෙම වැටුප් වැඩි කිරීමක් කර තිබියදීත් සමහර අය මේ දීමනාව වැඩි කරන්න, අර දීමනාව වැඩි කරන්නැයි කියන බව පැවසූ ජනාධිපතිවරයා එහෙම දෙයක් වෙන්නේ නැතැයි අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පුර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන්ට සහ කර්මාන්ත කරුවන්ට වන්දි ප්‍රදානය වෙනුවෙන් අද (06) මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට එක් වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd