
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා විසින් සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ හෝටලයක් පවත්වා ගෙන යාම සදහා පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් තුළ කඩා ඉවත්කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා විසින් ලිඛිතව හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රූපසාරි හේරත් මහත්මියට දැනුම්දි තිබේ.
රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරිම මේවන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට ඇත.
ඒ අනුව පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරිමේදි වැව් රක්ෂිතය තුලම හිටපු ආණ්ඩුකාර බිරිද හෝටලයක් ඉදිකිරිම සදහා කිසිදු නීතිමය ලියකියවිල්ලක් නොමැතිව අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරිමේ හේතුවෙන් ඒය කඩා ඉවත්කර ගන්නා ලෙසට දැනුම් දුන් බවත් දිසානායක මහතා පැවසිය.
මේවන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියලු මැනුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කොට තිබේ. පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස,හෝටල් හා ආගමික ස්ථානයක්ද ඉදිකොට තිබෙන බව මායිම් සලකුණු කිරිමේදි හදුනාගත් බවත් ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කොට පසුව තීරණයක් ගන්නා බවත් දිසානායක මහතා පැවසිය.
හිටපු ආණ්ඩුකාර බිරිද විසින් මසක් තුළ මෙම අනවසර ඉදිකිරිම් ඉවත්කර නොගන්නේ නම් එම ඉදිකිරිම් රජය මගින් ඉවත්කරන බවද මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා සිදුකළ විමසුමේදි පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd