IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉන්දියාවෙත් වාහන වංචාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

රොල්ස් රොයිස්, කැඩිලැක් වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අවම වශයෙන් 30 ක් ශ්‍රී ලංකාව හා ඩුබායි ඔස්සේ ඉන්දියාවට ගෙන්වමින් සිදුකළ ඉන්දීය රුපියල් කෝටි 100 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 300 ක පමණ) බදු වංචාවක් සම්බන්ධයෙන් තොරුතුරු අනාවරණය කර ගැනීමටත් වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු අත් අඩංගුවට ගැනීමටත් එරට අදායම් බුද්ධි ඒකකය හැකියාව ලැබී ඇත.

රොල්ස් රොයිස්, ලෙක්සස්, හමර් ඊවී, ලින්කන් නැවිගේටර් සහ ටොයොටා ලෑන්ඩ් කෘසර් මාදිලිවල අධි සුඛෝපභෝගී වාහන ශ්‍රී ලංකාව සහ ඩුබායි වෙත ගෙන්වා එය ඉන්දියාවට ගැලපෙන ආකාරයෙන් වෙනස් කර වාහනේ නියම මිලෙන් සියයට 50 ක් පමණ අඩුවෙන්, ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඉන්දියාවට ගෙන්වමින් මෙම බදු වංචාව සිදුකර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව සහ ඩුබායි හරහා ඉන්දියාවට ආනයනය කර ඇත්තේ ඇමෙරිකාවෙන්, ජපානයෙන් මිලදී ගත් වාහන බවද ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් නගරයේ වසර 10 ක කාලයක සිට අධි සුඛෝපභෝගී වාහන අලෙවි ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන යන භශාරත් ඛාන් නැමැති ඉන්දීය ව්‍යාපාරිකයෙකි. ඔහු තනිව අධි සුඛෝපභෝගී මෝටර් රථ 8 ක් වංචනිකව ගෙන්වා ඇති බවත් ඉන් සිදුවූ බදු වංචාව කෝටි 7 ක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඛාන්ගෙන් අධි සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගත් ගැනුම්කරුවන් සියල්ලම බදුවලින් බේරීම සඳහා අත්පිට මුදල් ගෙවා ඇති බවද එරට මාධ්‍ය සඳහන් කළේය.

මෙම නීති විරෝධී ආනයන කණ්ඩායම හයිද්‍රාබාද්, මුම්බායි, පූනේ, අහමදාබාද්, බැංගලෝර් සහ දිල්ලි යන නගර පුරා විහිදී තිබෙන බවද ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

 



අදහස් (0)

ඉන්දියාවෙත් වාහන වංචාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 22570 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18113 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10847 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 543 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 167 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 826 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site