IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇඟිලි සලකුණු යන්ත්‍ර පසෙක තබා කෝටි 3923ක OT ගෙවලා

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය කර ස්ථාපිත කර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන අක්‍රියව තිබියදී නීති විරෝධී ලෙස අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් කෝටි 3923ක්  ගෙවා  ඇතැයි   ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

එම යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්නේ නම් වර්තමාන වැටුපට අනුව අතිකාල දීමනා නොගෙවීමට වග බලා ගතයුතු  බවට  භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලිව උපදෙස් දී තිබියදී එයට පටහැනි ලෙස 2023 වර්ෂයේදී අතිකාල හා නිවාඩු දින වැටුප් මෙසේ  ගෙවා තිබූ බවද  එම වාර්තාවේ දැක්වේ.

එලෙස අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කර තිබුණු මුළු මුදල වැටුප් පිරිවැයෙන් සියයට 72 ක් පමණ වූ බව එම වාර්තාව සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව තිරසර සංවර්ධන දර්ශක තිස් එකෙන්  දර්ශක දහතුනක් සඳහා 2023 වර්ෂයට අදාළ ප්‍රගතිය වාර්තා කර නොතිබුණු බව පවසන විගණන අංශ ප්‍රගතිය වාර්තා කරන ලද දර්ශක දොළහකට අදාළ දර්ශක වල අවශ්‍ය කාර්ය සාධන මට්ටම ළඟා කරගෙන නොතිබුණු බවද ප්‍රකාශ කරයි.

මේ අතර 2022 හා 2023 වර්ෂයන්හි රුපියල් කෝටි 2200කට වැඩි වටිනාකමක් සහිත ප්‍රසම්පාදන 663 කට අදාළ හදිසි ප්‍රසම්පාදන කර තිබූ නමුත් එම ප්‍රසම්පාදන එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා  අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.



අදහස් (1)

ඇඟිලි සලකුණු යන්ත්‍ර පසෙක තබා කෝටි 3923ක OT ගෙවලා

PA RA Thursday, 03 July 2025 08:43 AM

බුද්ධිමත් අය රජයේ සේවයට ගත්තම ඔහෙම තමයි. වැරදි හරිද බලා ඒවා පිළිවෙළ කරන කාලය වන විට රට අවුරුදු ගණන් පසු පසට අනෙක් රටවල් සමඟ සංසන්දනය කරන විට. මෝඩ අපි විදේශ ගත වෙලා එම රටවල් දියුණු කරන්නේ අර බුද්ධිමතුන් පත්කර ගත් නිසාවෙන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site