(යොහාන් භාසුර)
මෙරට විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසක් එක්ව ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය’ නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී අද (21) ආරම්භ කළේය.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් සහ උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළහ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා එහිදී මෙසේ පැවසීය.
“1978 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පටන් ගන්නවාත් එක්කම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වගේම, නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් දැවැන්ත අරගල කළ බවත් රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වෙනවා අලුතෙන් විශ්වවිද්‍යාල, ඒ වගේම උසස් අධ්‍යාපන ආයතන, සමාජය ඉදිරියට යනවා. තාක්ෂණය අතින් ලෝකය ඉදිරියට යනවා. හැබැයි ගැටලුකාරී තත්වය බවට පත් වෙන්නේ, ශ්‍රී ලංකාවේ පිළිගත්ත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන විදිහට, අවස්ථානුකූලව හැඩගැසෙන්න මැලිකමක් දක්වනවා.
නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් වීමත් සමඟ වැඩිවෙන ආයතන එකතු කරගන්නවා වෙනුවට, තියෙන ආයතන පවා එකින් එක ගැලවී වෙන්විලා යන්න පටන් ගන්නවා. හැබැයි අවබෝධයක් තිබ්බා මේ ශිෂ්‍ය ව්‍යාපාරය යන්නේ කොහෙටද කියලා” යැයි සසිඳු පෙරේරා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd