IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වැඩිමිලට බෙහෙත් වික්ක සිද්ධියට රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය උසාවියට

(මනෝප්‍රිය ගුණසේකර)

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුව කැඳවීමට දින නියම කර තිබියදී ඊට පෙර දිනයක වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවේ නඩුව කැඳවා පෞද්ගලික රෝහල වෙනුවෙන් පෙනී සිටි නියෝජිතවරයාට දඬුවම් නියම කර ඇත්තේ සියලු නෛතික විධිවිධාන මඟහරිමින් බව අවධාරණය කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අදාළ පෞද්ගලික රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට සැප්තැම්බර් 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් යළිත් වරක් සිතාසි නිකුත් කළාය.

මෙවැනි සිද්ධියකට සාධාරණය පතාගෙන මහජනතාව අධිකරණය හමුවට පැමිණීම ඉතාම දුර්ලභ වුවත් මෙම සිද්ධියේ පැමිණීලිකරු යුක්තිය පතාගෙන අධිකරණය හමුවට පැමිණීම අගය කළ යුතු බව පැවසු මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය පොදු මහජනතාවට සහන සැළසීමේ අරමුණීන් යුතුව පනවා ඇති ඹෟෂධ නියාමන අධිකාරී පණතේ අරමුණු හෝ අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් කෙරෙහි කිසිඳු සැළකිල්ලක් නොදක්වා වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ හිමාලි ඒකනායක මහත්මිය අදාළ දඬුවම් පැමිණවීම කර ඇතැයිද සඳහන් කළාය.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය 2024 ජනවාරී 17 වැනිදා දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය එසේ සඳහන් කළාය.

වැඩබලන මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය දෝෂ සහගත බව තීරණය කිරීමෙන් අනතුරුව මෙලෙස අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කරන ලද්දේ නාරාහේන්පිට ප්‍රදේශයේ පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන් වන විශාල් බාලී. අශෝක පතිරගේ. අන්තූර් නාන්ද් තදානි. මංජුල කරුණාරත්න. සුදර්ශන් අහංගම. හැරිස් ප්‍රේමරත්න. සිවකුමාර් සෙල්ලයියා. හරේෂ් කුමාර් කයිමාල්. අජිත් කරුණාරත්න සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ටය. නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖධෂ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖධෂ නියාමන අධිකාරිය විසින් නඩු පවරා තිබිණී.

 



අදහස් (0)

වැඩිමිලට බෙහෙත් වික්ක සිද්ධියට රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය උසාවියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site