(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජන බලවේගය පක්ෂය ගාලු මෝදර පිටියේ සංවිධානය කර තිබු මැයි දින උත්සවයේ පීටිකාව අනවසරයෙන් ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත් පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය හා ඔහු පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.
අද (1) මැයි දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගය පක්ෂය විසින් ගාලු මුව දොර පිටියේ සංවිධානය කර තිබෙන මැයි දින රැලියට ජනාධිපති ,අගමැති, මැති ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.
සැකකාර පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ ජංගම දුරකථනයෙන් පීටිකාව උත්සව භූමිය හා මාර්ගයේ ඡායාරූප ලබා ගන්නා අයුරු පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටීමත් සමඟම එම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා පොලිසිය වෙත භාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" Coming colors no good" කියා මගේ ආච්චි සීයාට කිව්වේ කට කහනවට වෙන්න බෑනේ !!! මැයි දින රැළියක චායාරූප ගැනීම, ලොකයේ ඉතිරිව තිබෙන අතලොස්සක් වැනි "කු-මිනිස්", රුසියාවේ, චීනයේ, කියුබාවේ, වියට්නාමයේ හො නොදියුණු ගොත්‍රිකවාදී අප්‍රිකානු රටවල පවා සිදුවෙදැයි සැක සහිතය ... කෙසේ වුවත්, රැළියට සහභාගිවූ, කොමියුනිස්ට් නියොජිතයන් ඒ ගැන දැනුවත්වී සිටියාද ? සකල සිරින් පිරි සිරි ලංකාවේ ජනතා රැළියක පින්තූර ගැනීමට, කාකි කබා කරුවන්ගේ අවසරය ලබාගන්නා තත්ත්වයට පත්වීම අතිශයින්ම තුට්ටුදෙකේ ගනනකට වැටීමකි...
මොවුන්ගේ පච අහන්න ආපු අයට පුන්නක්කු පාර්සලය බැගින් දෙන්න ඕනෑ.