IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බැංකුවේ මුදල් මල්ල පැය කීපයකින් සොයා ගනියි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින්  රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරා ගත් එම ආයතනයේම රියදුරා පැමිණිල්ල ලැබී පැය 24 ක් තුළදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි

අස්ථානගත වූ මුදල් මල්ලේ තිබු රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහසක මුදලක්  පොලිසිය මගින් සොයා ගෙන ඇත

බම්බලපිටිය පොන්සේකා පෙදෙසේ පිහිටි මූල්‍ය ආයතනවල මුදල් එක්රැස් කිරීම සහ බෙදාහැරීම සිදු කරනුු ලබන ආයතනයක රියදුරෙකු ඇතුළු සිව් දෙනකු විසින් කොළඹ ප්‍රදේශයේ පිහිටි ATM කුටී 15ක එක් රැස්ව තිබූමුදල් ඉකුත් 13 වෙනිදින එකතු කරගෙන එම ආයතනය වෙත පැමිණ තිබූ බව පොලිසිය කියයි

ඔවුන් විසින් මුදල්මලු 15ක් රැගෙන ආවද ආයතන වෙත භාරදී ඇත්තේ මුදල් මලු 14ක් බවත් වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ATM කුටියෙන් ලබා ගත් රුපියල් කෝටියකට අධික මුදල්  අඩංගු මල්ල බාරදී නොමැති බවට එම ආයතනයේ ජේෂ්ඨ මෙහෙයුම් කළමනාකරු පොලිසිය වෙත පැමිණිලි කර ඇත

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු  කණ්ඩායමක් මුදල් එකතු කිරීම සඳහා ගිය කණ්ඩායමේ නිලධාරීන් තිදෙනාගෙන් හා රියදුරාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව  පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකර අනතුරුව සීසීටිවි  දර්ශනද පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි

ඒ අනුව එදින මුදල් එකතු කිරීම සඳහා යොදාගත් වෑන් රථයේ රියදුරා අදාල ආයතනයේ වෑන් රථය ගාල්කිරීමෙන් අනතුරුව  අදාළ වෑන් රථය තුළින් තිබී යම් බෑගයක් කරමත එල්ලාගෙන ආයතන භූමියෙන් පිටවන අයුරු සීසී වී කැමරාවේ සටහන්ව තිබීම හේතුවෙන්  එම රියදුරා අදාළ ආයතනය තුළදී අද (15) දහවල් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී එකී මුදල් තොගය අඩංගු බෑගය ඔහු විසින් සොරාගෙන ඔහු පදිංචි පයාගල නිවස කරා රැගෙන ගිය බවට අනාවරණය කළ බව පොලිසිය කියයි

විමර්ශන සිදුකළ පොලිස් කණ්ඩායම සැකකරුගේ මග පෙන්වීම මත සැකකරු පදිංචි පයාගල නිවස වෙත ගොස් කාමරයේ අල්මාරියේ සඟවා තිබූ  රුපියල් එක්කෝටි තුන් ලක්ෂ අනූ හයදාහක් මුදලක් අඩංගු මුදල් බෑගය සොයා ගැනීමට සමත් වී ඇත

අත්අඩංගුවට ගත් සැකකරු මීට මාස හයකට පමණ ඉහතදී සේවයට පැමිණි 34 හැවිරිදි පුද්ගලයකු බවත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය බවත් පොලිසිය සඳහන් කරයි

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් පත්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපු පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි



අදහස් (7)

බැංකුවේ මුදල් මල්ල පැය කීපයකින් සොයා ගනියි

Sujeeva Friday, 15 August 2025 09:10 PM

යකෝ මේ පට්ට හොරා සුද්දෙක් එහෙම නැතිනම්, පක්කෙක් නැත්නම් ඉස්රායල් කාරයෙක්? දැන් ලංකාවේ වාහන රියැදුරන්වගේ සුද්දොත් රස්සාව කරනවා එහෙනම්.

:       2       8

ZeylanicusThursday, 21 August 2025 11:53 AM

මේවා ඇත්ත ෆොටෝ නෙමෙයි. AI...

:       0       3

Shantha Saturday, 16 August 2025 05:28 AM

ඒ වුණාට රාජිතයි, රතන හාමුදුරුවොයි හොයාගන්න බෑනේ...

:       7       10

Perakum Liyanagama Saturday, 16 August 2025 11:03 AM

මෙවන් දක්ෂතා සහිත අපගේ පොලිස් සේවය නොමග යා නොදී රැකගැනීම නව පොලිස්පති තුමාගේ වගකීමයි.

:       1       17

Ravi Saturday, 16 August 2025 11:15 AM

දාලා තියෙන පින්තූරේ හැටියට නම් අදාල රියැදුරු විදේශිකයෙක්...!

:       4       8

Perakum LiyanagamaSunday, 17 August 2025 02:32 PM

ඔව් Ravi, මටත් පේන්නේ ඒ වගෙයි. ටුවරිස්ට් වීසා අරං ආපු එක්කෙනෙක්ද කොහේද?

:       1       4

Iroshi Sunday, 17 August 2025 02:22 PM

මේ පින්තූරය ඒ අයි ජෙනරේටඩ් කරපු එකක්... මෝඩ කතා නොකියා ඉඳපල්ලා...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 199 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site