IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ප්ලාස්ටික් බෝතල්වලට මුදල් දෙන ‘ඩිජිටල් යන්ත්‍රයක්‘

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයියහැකි  ඩිජිටල් යන්ත්‍රයක් ‘මාස් හෝල්ඩින්ස්’ ආයතනය හදුන්වාදුන්නේය.

එම යන්ත්‍රයට යොමුකරන බෝතලයක් සඳහා එම අවස්ථාවේම රුපියලක මුදලක් යොමු කරන්නාට එම අවස්ථාවේදීම හිමිවීම සුවිශේෂි තත්වයකි.  

මෙරට ජනතාව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට උනන්දුකිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම වැඩසටහන ‘ට්‍රෑෂ් 2 කෑෂ්’ (TRASH2CASH) ලෙස නම් කර ඇති අතර මෙම යන්ත්‍රය රත්මලාන මාස් ඉන්ටිමේට් පරිශ්‍රය ඉදිරිපිට ස්ථාපිත කර තිබේ.

එම යන්ත්‍රයට අදාල පුද්ගලයාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර පාවිච්චි කර අවසන් හිස් ප්ලාස්ටික් බෝතල් හෝ වෙනත් ප්ලාස්ටික් බෝතල් ඇතුළත් කළ පසු හිමිවන මුදල් ප්‍රමාණය කෙටි පණිවුඩයක් ලෙස එම අවස්ථාවේදීම දුරකථනයට ලැබේ. 



අදහස් (12)

ප්ලාස්ටික් බෝතල්වලට මුදල් දෙන ‘ඩිජිටල් යන්ත්‍රයක්‘

Thushara Tuesday, 08 April 2025 12:57 PM

නියම වැඩක්! හැබැයි යන්ත්‍රය ඕවර්ලෝඩ් වෙයි දවසින්

:       1       32

Suranga Tuesday, 08 April 2025 01:26 PM

ඉතාම හොඳ වැඩක්. සල්ලි නැතත් කමක් නැහැ. දීප ව්‍යාප්තව සවි කිරීමට කටයුතු කරන්න. ප්ලාස්ටික් බෝතල් සහ පොලිතීන් බෑග් විශාල කරදරයක් වෙලා තියෙන්නෙ.

:       1       36

Shantha Tuesday, 08 April 2025 01:47 PM

හැම නගරයකම ප්‍රතිචක්කීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්න මිනිස්සු ඒවාට පුරුදු වෙයි

:       1       22

Priyantha MUNASINGHE Tuesday, 08 April 2025 01:54 PM

මෙය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ මෙය ක්‍රියාත්මක වෙනවා

:       3       15

ජිල්බු Tuesday, 08 April 2025 02:58 PM

එහෙත් රුපියලයිද දෙන්නේ...?

:       0       0

Nihal Dharmatileke Tuesday, 08 April 2025 02:04 PM

මෙවැනි වැඩ අගය කරන්න වචන නෑ . ඔබගේ ආයතනය දිනෙන් දින සාර්ථක වේවා.

:       0       1

සෙ⁣නෙවිරත්න Tuesday, 08 April 2025 02:52 PM

ඕස්ට්‍රේලියාවේ මම මේක දැක්කා, හැබැයි යන්ත්‍රය බාරගත්තේ එයාලා හඳුනන ඒවා විතරයි. ලංකාවෙන් ගෙනිච්චි පැණි බීම බොතලයක් යන්ත්‍රය ප්‍රතික්ෂේප කළා... මේ කිරි පැකට් බීම බෝතල ආපු කැඳවගන්න ක්‍රමයකට එම නිෂ්පාදන සමාගම් වලට නීති මගන් බලකල යුතුයි. එයාල ලාභ ගන්නත් අපේ ජලප්‍රභව කානු අවහිර කරගන්නත් බැරි බව දැන්විය යුතුයි... බලන්න ගිං ගඟේ වක්වැල්ල පාලම යට උණගස් අස්සේ කොපමණ බීම බෝතල් තිබේද කියා, මේවා තවදුරටත් අපි ඉවසිය යුතුද?...

:       0       0

fairoosmr Tuesday, 08 April 2025 03:13 PM

ඉතාම හොඳයි.... අරාබි රටවල හැම තැනම වගේ මෙවැනි මැෂින් තියෙනවා

:       3       7

Kularatne AG Tuesday, 08 April 2025 04:13 PM

ඉවතලන cfl,led බල්බ් සඳහාත් මෙවැනි ක්‍රමයක් ආර්ම්භ කලොත් වටිනවා

:       0       0

Agith Tuesday, 08 April 2025 04:22 PM

ප්‍රදේශයේ ඉන්න යාචකයින්ව උනන්දු කරවන්න ඕන ප්ලාස්ටික් බෝතල් එකතු කරලා මේ යන්ත්‍රයට දාගන්න කියලා.එතකොට අවට පරිසරය නිකන්ම පිරිසිදු වෙනවා.යාචකයින්ට සිඟමන් ලබා දීමෙනුත් වැළකී සිටිය යුතුයි ඔවුන් මේ සඳහා උනන්දු කිරීමට

:       0       0

පොඩිඑකා Tuesday, 08 April 2025 04:51 PM

පාරෙ හැමතැනම විසිකරල තියෙන කාලෙ බෝතල් වලටත් මේ වගේ වැඩක් කරන්න බැරිද?

:       0       0

ගුණරත්න Tuesday, 08 April 2025 05:00 PM

තේරුමක් නැති වැඩක්, අපේ රටේ ප්‍රස්නය තියෙන්නේ කොහොම කසල එකතු කලත් ඒවා ඔක්කොම එකම කුණු ගොඩට දාන එක, හරි නම් කරන්න ඕන පුළුස්සල තාප විදුලිය හදන එක, එහෙම නැතිව කෝටි ගානක් බෝතල් එකතු කරන යන්තර වලට වියදම් කරලා වැඩක් නැහැ, ෂොපින් බෑග් එකකට එකතු කළා නම් ලාබයි,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2065 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site