
(රෝෂන් තුෂාර)
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන ,අධිකරණය ඉදිරියේ සැකකාරියක වූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහිව චෝදනාපත්‍රයක් ගොනුකරන්නේ ද? නැද්ද? යන්නන පිළිබඳව අනිද්දා දින (07) අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අල්ලස් කොමිසමට අද(05) නියෝග කළාය.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටින හේමාලී විජේරත්න සැකකාරිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ට ස්නාය ශල්‍ය උපකරණය වැඩි මිලට විකිණීමෙන් දූෂණය නම් වරද සිදු කරන ලදැයි කියන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.
ඇප මත සිටින සැකකාරියට විදේශීය අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය බලා යෑමට ඇති බැවින් ඒ සඳහා ඉඩ ලබා දෙන්නැයි ඇයගේ නීතිඥවරුන් විශේෂ මෝෂමක් ගොනු කරමින් අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විසි එක් වියැති ලාබාල තැනැත්තියක් වන සැකකාරියට ලබන 13 වෙනි දින අධ්‍යාපනය හැදෑරීම සඳහා එංගලන්තය බලා යෑමට ඇති බවත්, එසේ නොගියහොත් ඇගේ මුළු ජීවිත කාලයම අඳුරට පත්වන බැවින් ඊට ඉඩ ලබා දෙන ලෙසට සැකකාරියගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඇය ලාබාල තැනැත්තියක් බැවින් මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනය සුදුසු කොන්දේසියක් යටතේ සමථයකට පත්කිරීමටට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් නඩුව සමථයකට පත්කරනවාද? නැතහොත් චෝදනා ගොනු කරනවාද ?යන්න සම්බන්ධයෙන් ස්ථාවරය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ උපදෙස් පරිදි ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි බව දන්වා සිටියේය.
එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් මෙම පැමිණිල්ල ලබන 27 වැනි දින කැඳවීමට නියමිත බවත්,එම දිනය වන තෙක් විමර්ශනය කල් තැබුවහොත් ඇයට එංගලන්තය බලා යෑමට නොහැකි වන බැවින් කොමිසමේ ස්ථාවරය 13 දිනට පෙර ඉදිරිපත් කරන්නැයි කොමිසමට දන්වා සිටින ලෙසද ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාරියට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කරන්නේද නැතහොත් සැකකාර පාර්ශවය ඉල්ලා සිටින කොන්දේසි මත නඩුව සමථයකට පත්කරන්නේ ද යන්න පිළිබඳ ස්ථාවරය ලබන හත දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොමිෂමට නියෝග කළාය.
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දොස්තර මහේෂිකගේ දියණිය කළ ඉල්ලීම
fairoos Wednesday, 06 August 2025 03:26 PM
එහෙම තියෙද්දි තමයි කට වරද්ද ගත්තා නේද?