
(ටී.කේ.ජී.කපිල )
පළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයල් ලියනගේ , එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගෙන අද(28 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම තරගාවලිය චෙක් ජනරජයේ ( Czech ) , සනෝයිමෝ ( Znojmo ) නුවර , ලෝකයේ රටවල් 64 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,095 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 10 දින සිට 25 දින දක්වා පවත්වා තිබුණි .
ශ්‍රී ලංකා වෙඩි තැබීම් ඉතිහාසයේ තනි පුද්ගල ක්‍රීඩකයෙකු දිනා ගත් පළමු ජාත්‍යන්තර පදක්කම මෙය බව ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති රියර් අද්මිරාල් මංජුල දිසානායක මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
කයල් ලියනගේ තවමත් 12 හැවිරිදි වියේ පසුවන , කොළඹ ජාත්‍යන්තර පාසැලක 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකි .
කයල් මෙම පදක්කම ද රැගෙන අද(28) දින උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු පිළිගැනීමට ඔහුගේ දෙමාපියන් , ඥාතීන් මෙන්ම ශ්‍රී ලංකා රයිෆල් සංගමයේ උසස් නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසීත මැටිඔලුව ළඟ රස්සාවක් ගන්න පුළුවන්ද දැන්...?
දශක ගණනාවක් තිස්සේ දේශපාලනයෙන් පෝෂණය වූ පාතාලේ සාමාජිකයෙක් මේ තරඟයට ඉදිරිපත්වුණා නම්, ලොවෙත් නැතිවෙන්න වෙඩි තියලා, රන්-රිදී-ලෝකඩ පදක්කම් ඔක්කෝම අරගෙන, ගුවන්තොටුපොළේ ඉඳන් එන්නේ රිය පෙරහැරෙන්...
ලංකාවේ මේ තියන වෙඩි බැලුවාම පදක්කමක් නොලැබුණොත් තමයි පුදුමේ... මේ කොළු පැටියා පරෙස්සම් කරගන්න වෙයි. පාතාල අයියාලාගෙන් වෙඩික්කරු විදියට ගනීවි... කයිල් දරුවාට ලස්සන අනාගතයක් පතමු..
සුබ පැතුම්...!