IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අල්ලසින් කප් එක පොලිසිය

(විමුක්ති එස් රුද්‍රිගු)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ දූෂණ චෝදනා මත වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන්නන් බවත් එම කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

එහිදී පොලිස් නිලධාරීන් 20 දෙනකු අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇති බවත් මෙම වසරේ පළමු මාස 9දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 5776 ක් ලැබී තිබෙන බවත් එහි සඳහන් වේ.

මාස 9දී ලැබූ පැමිණිලි මත වැටලීම් 94 ක් සිදුකර තිබෙන බවත් ඒ යටතේ පුද්ගලයන් 63 ක් අත් අඩංගුවට ගෙන ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

සිදුකළ වැටලීම් 94 න් වැටලීම් 51 ක් ඵලදායි වූ බවත් තවත් වැටලීම් 37 ක් ඵලදායී නොවූ බවත් එහි දැක්වේ. එසේම සිදුකළ විමර්ශන මත තවත් පුද්ගලයන් 32 ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම වසරේ පළමු මාස 9දී අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධව නඩු 71 ක් මහාධිකරණයේ ගොනු කර තිබෙන බවත් ඒ යටතේ චූදිතයන් 86 දෙනකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන බවත් අල්ලස් කොමිසමේ වාර්තාවේ සඳහන් වේ.

 



අදහස් (2)

අල්ලසින් කප් එක පොලිසිය

කෞෂි Thursday, 06 November 2025 09:59 AM

අධිකරණ ක්‍රියාමාර්ග පුළුවන්තරම් ඉක්මනින් ඉවර කරන්න. නැත්තං ඔය නඩුවලින් පෝසත් වෙන්නේ නීතිඥයෝ විතරයි. ජනතාවට ඇති සෙතක් නෑ. වවාගෙන කන එක නතර කරන්න.

:       0       18

fairoos Thursday, 06 November 2025 11:49 AM

ජනපතිතුමා කිව්වා වගේ ඉස්සෙලා කිව්වා වගේ ඉස්සෙල්ලාම පොලිසිය සුද්ද කරන්න ඕනෑ

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site