(බී. ජී. චතුරංග)
දේශපාලනඥයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 22ක රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදි කර ඇති බවට හඳුනාගෙන ඇතැයි වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
එම වැව් 22 රක්ෂිත මායිමි කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මිනුම් කටයුතු දෙපාර්තමේන්තුව එක්ව තීරණයක් ගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙම රැස්විම පැවැත්විණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.
අනුරාධපුර නුවර වැව වටා සිටින නිත්‍යානුකූල සහ අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර විධිමත් වාර්තාවක් සැකසිය යුතුයි.
එම ඉඩම්වල රක්ෂිත ප්‍රදේශ මිනුම් කටයුතු කළ යුතුයි.
නුවර වැව මැනුම් කටයුතුවලදී මෙවර සිදු කරනු ලබන්නේ මායිම් ගල් දැමීම නොව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සලකුණ සහිත රක්ෂිත සලකුණු කිරීම පමණයි.
උතුරුමද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් පී.බී දිසානායක මහතා කියා සිටියේ නුවර වැව රක්ෂිතයේ ඉදිකර ඇති මහා ඇමති නිල නිවස , ආණ්ඩුකාර නිල නිවස හා අභිමන්සල යන ඉදිකිරීම් ප්‍රථමයෙන්ම ඉවත් කලයුතු බවයි.
ඉතිහාසයේ සිදු කරන ලද වැරදි නිවැරදි කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමට තිබෙන බවත් එම දේශපාලඥයන් සිදු කළ වැරදිවලට අනියමින් හෝ නිලධාරීන්ද හවුල් වී තිබෙනවා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අ‘පුර වැව් 22ක රක්ෂිතවල දේශපාලකයන් සැප හෝටල් හදලා
Perera Saturday, 19 July 2025 08:57 AM
කළින් හිටපු මැති ඇමැතිලා බොහෝ දෙනා රට ඔවුන්ගේ අම්මා අප්පාගේ බූදලේ ගාණට භුක්ති විඳලා තියෙන්නේ. මාලිමාව ආවේ නැතිනම් ඔය මුකුත් එළි වෙන්නේ නෑ.
gayan Saturday, 19 July 2025 09:41 AM
අනිවාර්යයෙන් මේවා ඉවත් කළ යුතුයි.
nimalSaturday, 19 July 2025 05:02 PM
දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 22ක රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදි කර තිබේ නම් එම ගොඩනැගිලි ඉවත් කිරීමට වෙනුවට ගොඩනැගිලි සියල්ල රජයට පවරාගෙන සංචාරක කර්මාන්තයට යොදවාගැනීමට හැකිය. මෙම හෝටල්වලින් පිටකරන අපද්‍රව්‍ය බැහැර කිරීම කෙසේ සිදුවන්නේද සිදුකරන්නේද පිළිබඳව සොයාබැලිය යුතුවේ. මින් ඉදිරියට එම කලාපවල ගොඩනැගිලි ඉදිකිරීම සිදු නොවිය යුතුවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 22ක රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදිකරනතුරු ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරගැනීමට වටිනා ගස් සහ වන විනාශය සිදුවීමේදී එම ප්‍රදේශවල ජනතාව නිහඬව සිටීම මවිතයට කාරණයක්. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අනවසර ඉදිකිරීම් සහ වනවිනාශයන් සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුවේ...
කව්ද බෝයි Saturday, 19 July 2025 09:49 AM
පුද්ගලිකව, අනීතිකව ඉදිකරන ලද හෝටල්, නිවාස ඇතුළු සියළුම දේපළ සැණකින් රාජසන්තක කර සංචාරක ව්‍යාපාරයට යොදවන්න. රාජ්‍ය දේපළද සංචාරක ව්‍යාපාරයට යොදවන්න. සාමාන්‍ය මනුස්සයෙක් රක්ෂිතයකින් දරකෑල්ලක් ගත්තත් නඩුදාන රටේ, මෙවැනි අපරාධ කරනලද දේශපාලුවන් සහ නිලධාරීන් සියළුම දෙනාට දැඩිව නීතිය ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කරන්න...
Thushara Saturday, 19 July 2025 10:15 AM
රජයට පවරාගෙන රටේ සුබ සිද්ධියට වැඩ කරමු..
පන්සිළු Saturday, 19 July 2025 10:22 AM
මෝල්ලු ටික එකතු වෙලා අර රජයේ සැප වාහන ටික විකුණා දැම්මා වගේ වැඩක් කරන්නයි සැළසුම....
යෝගා Saturday, 19 July 2025 11:03 AM
හරි, ඉතින් නඩු දාලා ඉවත් කරන්න. බලය උපරිමයට තියෙනවානේ. හැබැයි එහෙම නොකලොත් එක්කෝ පචයක් නැත්නම් යටින් ඩීල් දැම්මා කියලා පිලිගන්නත් වෙනවා.
de silva Saturday, 19 July 2025 11:31 AM
රජයේ ගොඩනැගිලි කියලා බලන්න එපා.. වැව් රක්ෂිතයේ ඉදිකරලා තිබෙනවා නම් කඩා ඉවත් කරගන්න. අනෙක් ඒවත් මිරිස්සේ, ගාල්ලේ ඩෝසර් කළා වගේ ඩෝසර් කරලා දමන්න, වැව් රක්ෂිත, මුහුදු වෙරළවල් වල ඉදිකිරීම් සිමා නිසිලෙස දමලා ලකුණු කරන්න.... ඔය වැරැදි කරපු නිලධාරීන් ඉන්නවා නම් චෝදනා ගොනුකරලා නඩු පවරලා සේවයෙන් ඉවත් කරලා දමන්න කටයුතු කරන්න..., අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ රජයේ නිලධාරියෝ රටේ ඉන්නවා... දූෂිත නිලධාරීන්ට දිගින් දිගට වැටුප සහ දීමනා ගෙවමින් තියන්න ඉන්න එක තේරුමක් නැහැ... අන්තිමට විශ්‍රාම වැටුපත් ගෙවන්න වෙනවා. අලුත් නිලධාරිනුත් නරක් වෙනවා. දූෂිතයින් සමග ඉන්න කොට...
සෙනෙ Saturday, 19 July 2025 12:11 PM
කොරන්න අප්පේ කොරන්න. දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ කෙරෙන්නේ නැහැනේ කියවනවා විතරයිනේ, දැන් දැන් අහලා ඇතිවෙලා, ඡන්දය දුන්නේ ඔය වෙනස කරනවා කීවාටනේ, කියවීමට පමණක්ම නොවේනේ...
බුද්දික Saturday, 19 July 2025 12:53 PM
එතකොට මේවා කරද්දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය කොහේද හිටියේ? හදනකම් පළාතේවත් ගිහින් නැහැ. තමන්ගේ වැවක් අසල ඉඩමක වැඩක් කරන්න නීතියට අනුකූලව කරන්න ගියාම රෙද්ද අතට අරන් එන්නේ පරිසරයයි, වාරිමාර්ගයයි. එයින් පස්සෙ ලක්ෂ ගණන් වියදම් කරගෙන රිපෝට්ස් දෙනවා. ඒ රිපෝට් හදන්නේත් ඒ මිස්සුන්ගේ අයමයි. මේ මාපියාව රජය සොයාබලා පියවර ගත යුතුයි.
කපුරුහාමි Saturday, 19 July 2025 01:50 PM
ලන්කාවට ආසියවේ ආස්චර්‍ය පෙන්වලා තියෙනවා. ජනතාව රවට්ටලා බලයට ඇවිත්, අන්තිමට මහාපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, රීරී මාන්ස හූරාගෙන කාපු බලලෝබි, බඩගෝස්තරවාදී දූශිත දේශපාලුවන්ට මොන සැපද?...
Perakum Saturday, 19 July 2025 01:52 PM
ඔය කියන නිලධාරීන් අදත් තවම ඉන්නවා. ඔවුන් එදා ඇහැ කණ පියාගෙන හිටියේ ඔවුන්ටත් ගණුදෙනුවක් ලැබුණු නිසා නේද? පළමුව දඬුවම් කළයුත්තේ ඔවුන්ටය. අනතුරුව අනවසර ඉදිකිරීම් වහාම රජයට පවරාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුයි. අදාල දේශපාලුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...
ගුණරත්න Saturday, 19 July 2025 05:36 PM
ඕක කරන්න පුළුවන් නම්, එහෙම කලොත් වෙරළබඩ රක්ෂිතයේ මීටර් 100 සීමාව, ගංගා රක්ෂිතවල හදපු ඉදිකිරීම් ඉවත් කරන්න පුළුවන්, අලුතින්ම හදපු යෝධ හෝටල් කීපයකුත් කඩා දාන්න වෙනවා. ඉතින් පුළුවන් නම් කරලා පෙන්වන්න...
පරාක්‍රම Saturday, 19 July 2025 06:26 PM
අපි කවුරුත් එකතුවෙලා උනන්දුවෙන් උද්යෝගයෙන් කියන කතා පාලකයෝ තඹේකට ගණන් ගන්නේ නෑ. බලා ඉඳිමු මේ රජයෙන්වත් වැඩක් වේද කියලා.
ගමේ එකාලා Saturday, 19 July 2025 06:55 PM
දේශපාලුවන්ට ප්‍රශ්නයක් නෑනේ. ජනතාවගේ බදු මුදල්, හොරා කාපු, කොමිස් ගහපු, සල්ලි. මේ සියලුම දේවල් රාජ සන්තක කළ යුතුමයි...
R.T sarath Saturday, 19 July 2025 07:58 PM
ඔය කියන නිලධාරීන් අදත් සේවයේ ඇති, ඔය නිලධාරීන් ඕවා කරන්නට අනුමැතිය දීලා තිබෙන්නේ හෝ අනුමැතියක් නොමැතිව ඕවා හදනකොට ඇස් පියාගෙන ඉඳලා තිබෙන්නේ පගාව හෝ යම්කිසි වරප්‍රසාදයක් ලබාගත් නිසා, ඕවා අස්සේ රජයේ ගොඩනැගිලි හදලා තිබෙන්නේ අවට තිබෙන අනවසර ඉදිකිරීම්වලට යම් නීත්‍යානුකූල භාවයක් දෙන්න. මේ නිලධාරීන් අත්අඩංගුවට ගන්න ප්‍රමාද මොකද? ආණ්ඩුව බලයට ආවේ මේවාට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා කියලා දැන්, කියවා කියවා ඉඳලා හරියන්නේ නැහැ...
Siri Saturday, 19 July 2025 08:34 PM
අර රතු නූල් කට්ටඩි අම්මන්ඩිත් ජනප්‍රිය නලුවෙකුත් ඔය ජාතියේ හෝටලයක් හදලා තියෙනවා නේද?
MindZap Saturday, 19 July 2025 08:54 PM
රක්ෂිත තුළ ඉදිකර ඇතිනම් රජයට පවරාගෙන කළ අයට දඬුවම් ලබා දෙන්න. පෝෂක ප්‍රදේශයට වන බලපෑම හරියට තක්සේරු කර පමණක් ඉවත් කරන්න. හැකි නම් සංචාරක කර්මාන්තයට මේ ගොඩනැගිලි යොදා ගන්න. අභිමන්සල රණවිරුවන් උදෙසා සදා ඇතිනම් විනාශ කිරීමට පෙර නැවතත් සිතා බලන්න.