IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


සමයංට වෙඩිතැබූ අංගොඩ ලොක්කා කවුද

Do or Die (ඩූ ඕ ඩයි) පාතාලයේ කුප්‍රසිද්ධ තියරිය “අංගොඩ ලොක්කා” ද අත්හදා බැලීය. ඒ කළුතර දී බන්ධනාගාර බස් රියකට වෙඩි තබා “සමයං” ඇතුළු පිරිස මරා දමමිනි. පාතාල ලෝකයේ නමක් දිනා ගනිමින් සිටි සමයං බන්ධනාගාර රැකවල් මධ්‍යයේ මරා දැමීමට හැකි වූ “අංගොඩ ලොක්කා” කවුද? මේ ලිපිය අංගොඩ ලොක්කා ගැන සහ සමයංට මරණය අත්කළ පසුබිම් කතා ගැනය.

1985 වසරේ නොවැම්බර් 13 වැනි දා උපන්   අංගොඩ  ලොක්කාගේ දැන් වයස අවුරුදු 32ක් පමණ වේ. අංගොඩ බෝගල පාරේ පදිංචිව සිටි ඔහු කරළියට එන්නේ 2011 වසරේදී ය. අංගොඩ රෝහල දෙසට යමින් සිටි චන්දන පුෂ්පකුමාර නොහොත් මෝචා 2011 වසරේ ජනවාරි 18 වැනි දා වෙඩි තබා ඝාතනය කළේය. ඔහු සමඟ සිටි රසික ලක්මාල් නම් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු විය.  ඒ ගැන ඇඟිල්ල දිගු වූයේ අංගොඩ ලොක්කා දෙසටය.  


ඒ වනවිට සමයා නොහොත් සමයං කරළියට එමින් සිටියේය. 2010 ජනවාරි 16 වැනි දා කෙසෙල්වත්තේ කිත්සිරි රාජපක්ෂට වෙඩි තබා ඝාතනය කිරීම ගැන සමයංට චෝදනා එල්ල වී තිබුණු අතර ලොක්කා ලොක්කකු ලෙස එවකට කරළියට පැමිණ සිටියේ නැත.  පලතුරු ව්‍යාපාරිකයකු වූ කිත්සිරි රාජපක්ෂ හා සමයා අතර ඇයි හොඳයියක් නොතිබුණි. සමයා ඔහු ඝාතනය කර තිබුණේ වෙනත් ව්‍යාපාරිකයකුගේ කොන්ත්‍රාත්තුවක් උඩය. 


කිත්සිරි රාජපක්ෂ මහතාට වෙඩි තැබීම ගැන පරීක්ෂණ පැවැත්වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට තොරතුරක් ලැබිණි. ඒ සමයා දඹුල්ලේ සිටින බවයි. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු පිරිසක් සමයං සොයා දඹුල්ලට ගියහ.    දඹුල්ලේ සැඟව සිටියදී සමයා අත්අඩංගුවට ගත්හ. එහිදී තවත් ආන්දෝලනාත්මක කතාවක් හෙළි වී තිබිණි.


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සඳහා එක්තරා දේශපාලනඥයකු තමාට කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව සමයා හෙළි කළේය. එය තමාට ලැබුණේ මෝල් වසන්ත නම් පුද්ගලයා හරහා බව ද සමයා පොලිසියට කීවේය. කිත්සිරි ඝාතන කොන්ත්‍රාත්තුව සමයාට ලැබී තිබුණේ ද මෝල් වසන්ත හරහාය. 


කරුණු මෙසේ වෙද්දී අංගොඩ ලොක්කාද චරිතයක් බවට පත්වීමට උත්සාහ ගනිමින් සිටියේය. අංගොඩ ලොක්කා  මුදල් ඉපයීමේ ප්‍රධාන මාර්ගය ලෙස කරගෙන ගියේ වගුරු බිම් ගොඩකර විකිණීමයි. ඒ සඳහා ඔහුට තවත් පිරිස් සහාය වූහ. ඔහුගේ මිතුරකු වූ “රනිල්” ද ඊට සහාය දැක්වීය.  ඉඩම් ගොඩකිරීම ඇතුළු සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමින් සමයා සහ ලොක්කා විරසක වූයේ මේ අතරය. 


2014 වසර වනවිට සමයා මෙන්ම අංගොඩ ලොක්කාද කරළියට පැමිණ සිටියහ. 2014 ජුනි හත්වැනි දා කැලණිය පට්ටිවිලදී බාල්දි තිලක් සහ ලඩියා නම් තවත් පුද්ගලයකු ඝාතනය කළැයි අංගොඩ ලොක්කාට චෝදනා එල්ලවෙද්දී 2014 අගෝස්තු 17 වැනි දා ටී56 ගිනි අවියකින් වෙඩි තබා නවගමුවේ දීප්ති කුමාර ඝාතනය කළැයි සමයාට චෝදනා එල්ල විය.  


අතුරුගිරිය ප්‍රදේශයේ තරුණ පිරිසක් ලොක්කාට සහාය පළකළ අතර ඒ ගැන සමයං සිටියේ දැඩි තරහකිනි. මුල්ලේරියාවේ පදිංචිව සිටි සුරංග කුමාර පෙරේරා නොහොත් වෙල්ගහවත්තේ රත්තරන් සහ අතුරුගිරිය මොරටුවාහේනේ පදිංචිව සිටි වත්තේගම අනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා  අංගොඩ ලොක්කාගේ දකුණත සහ වමත මෙන් ඔහු සමග සිටියහ.


සමයං රිමාන්ඞ් බාරයේ සිටිය දී අංගොඩ ලොක්කා තවත් ඉදිරියට එමින් සිටියේය. ඔහුගේ කෙරුම්වලට තාවකාලිකව තිත තබමින් 2015 මැයි 26 වැනි දා ලොක්කා අත්අඩංගුවට පත් විය. 


සුරාබදු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මුල්ලේරියාව අංගොඩ දී කළ වැටලීමකදී ගිනි අවි සමඟ   ලොක්කා හසුවිය. ටී 56 ගිනි අවියක්, එම උණ්ඩ 29ක් එම මැගසින් එකක්, මිලිමීටර නවය වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ හයක්, කඩු දෙකක් ඇතුළු අවි ආයුධ සමඟ සැකකරු බාර කැරුණේ මුල්ලේරියාව පොලිසියටය. ලොක්කා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් කරනු ලැබීය.


දකුණු පාතාලයේ ප්‍රබලයකු ලෙස සැලකූ මධූෂ් සහ අංගොඩ ලොක්කා අතර මිත්‍රත්වයක් ගොඩනැගෙන්නේ සතුරාගේ සතුරා තමාගේ මිතුරාය යන කියමන පසක් කරමිනි. හර්ෂ යසස් හෙවත් කඹුරුපිටියේ හර්ෂ මාතර මධූෂ්ගේ හොඳම ගෝලයා වූයේය. දක්ෂිණ අධිකාරියේ සභාපතිව සිටි ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයේ පළමු සැකකරු ලෙස මධූෂ් නම් වෙද්දී දෙවැනි සැකකරු වූයේ කඹුරුපිටියේ හර්ෂය. 


හර්ෂ ද බන්ධනාගාර ගත විය. හර්ෂට සමයා හමුවූයේ බන්ධනාගාරයේ දී ය. එහිදී දෙදෙනා මිතුරන් ලෙස කටයුතු කළ අතර වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔවුහු වෛරක්කාරයෝ බවට පත්වූහ. වරක් බන්ධනාගාරයේදී සමයං හර්ෂගේ ප්‍රහාරයකටද ලක්විය. ලොක්කා සහ හර්ෂ සුහදත්වය වර්ධනය කර ගනිද්දී දෙදෙනාම සමයාගේ තරහකාරයෝ බවට පත්වූහ.


ලොක්කාගේ ඉඩම් ගනුදෙනුවලට සහාය දක්වමින් සිටි රනිල් ඉන්පසු තනිවම එම ව්‍යාපාර කටයුතු කරගෙන ගියේය. තම හිතවතා තමා රිමාන්ඞ් වූ පසු තනිවම ව්‍යාපාර කරගෙන යෑම ගැන ලොක්කා දැඩි වෛරයකින් පසු විය. රනිල් ඝාතනය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.


හර්ෂලාගේ කණ්ඩායම සහ අංගොඩ ලොක්කාගේ කණ්ඩායම එක්ව සමයං මරා දැමීමට වැර යෙදුවේ කවදා හෝ සමයංගෙන් තමන්ට මැරුම් කෑමට සිදුවන බව දන්නා නිසාය. 2015 සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල උසාවියේදී ක්‍රියාත්මක වූයේ එම සැලසුමයි. කෙසේ වෙතත් දිවි බේරා ගැනීමට සමයං සමත් විය. එම සිදුවීමත් සමග හර්ෂ මෙන්ම ලොක්කාද සිටියේ දැඩි භීතියකිනි.
පසුගිය සතියේ පළ වූ ලිපියේ සඳහන් කළ පරිදි 2016 මාර්තු තුන්වැනිදා කඹුරුපිටියේ හර්ෂ මරා දැමීමට සමයංගේ කල්ලිය සමත් විය. නමුත් ලොක්කාට කිසිවක් කිරීමට ඔවුනට නොහැකි විය.  


2016 අප්‍රේල් මස 29 වැනි දා අංගොඩ දෙල්ගහවත්තේ දී රම්‍යජිත් ඇලෙක්සැන්ඩර් නම් පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙතියාගොඩ සංඛ නම් පුද්ගලයෙක් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2016 මැයි 10 වැනි දා ය. ඔහුගේ ප්‍රශ්න කිරීම් අනුව අංගොඩ පෙතියාගොඩ ගල් වැඩපොළක් පිටුපස සඟවා තිබූ  යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල හතරක් සොයා ගත්තේය.


සමයං ඝාතනය කිරීමට අංගොඩ ලොක්කාගේ එම උත්සාහය ද අසාර්ථක විය. යුද හමුදා නිල ඇඳුමෙන් ගොස් බන්ධනාගාර බස් රථයේ සිටින සමයං ඝාතනය කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබුණේය. එම සැලසුම හෙළිවීමෙන් පසු අංගොඩ ලොක්කා දිවුර දිවුරා කීවේ සමයං කෙලෙස හෝ ඝාතනය කරන බවයි. 


අංගොඩ ලොක්කා ඉවරයක් කිරීමට සමයං ලොකු උත්සාහයක් දැරීය. බැරි තැන ඔහුගේ දකුණත සහ වමත ලෙස සිටි මුල්ලේරියාවේ පදිංචිව සිටි සුරංග කුමාර පෙරේරා නොහොත් වෙල්ගහවත්තේ රත්තරන් සහ අතුරුගිරිය මොරටුවාහේනේ පදිංචිව සිටි වත්තේගම අනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා  ඉවරයක් කිරීමට සමයා තීරණය කළේය.


එහි මුල්ම පියවර ක්‍රියාත්මක වූයේ පසුගිය ජනවාරි පස්වැනි දා ය. වෙල්ගහවත්තේ රත්තරන් වෙඩි තබා මරා දැමිණි. ලොක්කා එම මළගෙදරට එතියි සමයාගේ කල්ලිය බලාගෙන සිටියේය. නමුත් ලොක්කා අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි විය. ලොක්කාගේ හයියට සිටි වත්තේගම අනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා  ද ජනවාරි 17 වැනි දා මරා දැමුණේ අතුරුගිරිය රූපලාවණ්‍යාගාරයකදීය. 


මෙම ඝාතන දෙකත් සමඟ ලොක්කා දැඩි භීතියකින් පසු විය. සමයා මරාගෙන මැරීමට හෝ ඔහු තීරණය කළේය. තමා ඉස්සර නොවුණොත් සමයා කෙලෙස හෝ තමා මරණ බව ද ලොක්කා දැන සිටියේය. ඒ අනුව තමන් සතු සියලු_ සම්පත් සහ වැර යොදා සමයා ඝාතනය කිරීමට ඔහු සැලසුම් කළේය. මාතර මධූෂ්ගේ සහාය ද ඊට ලැබිණි. 


ෘද දර ෘසැ (ඩූ ඕ ඩයි) පාතාලයේ කුප්‍රසිද්ධ තියරිය “අංගොඩ ලොක්කා” ද අත්හදා බැලීය. පෙබරවාරි 27 වැනි දා බන්ධනාගාර බස් රියට වෙඩි තබා සමයං ඝාතනය කිරීමට ලොක්කා පැමිණියේ තමා ඉස්සර වුවහොත් සමයංට මරණ අත්වන බව හා වැඬේ ගැස්සුණොත් තමා මැරුම් කන බව හොඳ හැටි දැනගෙනය. අංගොඩ ලොක්කා ඉස්සර විය. සමයං අතින් මැරුම් කෑමට සිටි අංගොඩ ලොක්කා විසින් සමයං මරා දමන ලදී. 


මේ වනවිට පොලිසිය කළ විමර්ශනවලින් හෙළිදරව් වී ඇත්තේ අංගොඩ ලොක්කාට අමතරව කොස්ගොඩ සුජී, මාතර මධුෂ් සහ තවත් පිරිසක් මෙම ඝාතනයට සම්බන්ධ බවයි. ඩුබායිවල සිටි මාතර මධුෂ් කලින් කලට ඉන්දියාව හරහා ලංකාවට ආගිය බව පොලිසිය කියයි. මේ කාල වකවානුවේ මධුෂ් ලංකාවේ සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි. 
පොලිසියේ පාතාල මර්දන වැඩපිළිවෙළ ගැන ලබන සතියේ..



අදහස් (1)

සමයංට වෙඩිතැබූ අංගොඩ ලොක්කා කවුද

ATHULA Sunday, 19 March 2017 11:28 PM

මේ මොන මගුල කිවුවත් බාහිර සියලු ස්වයංක්‍රීය අවි සමාජයට ආවේ කොහොමද ඒවා මෙතරම් සුලබ වූයේ කොහොමද මේක ජාතික ආරක්ෂාවටත් මහා තර්ජනයක් අවෙන්ගාඩ් වගේ ක්‍රම වලින් කොපමණ ආයුධ රටට මුදා හැර ඇතිද ? මේවා සොයන්න ඕන නැතිද ? කිසිම ආයුධයක් නැති සිවිල් සමාජය මේවට මුහුණ දෙන්නේ කොහොමද ? මේකද අපි බලාපොරොත්තු වෙන රට ? රට නිදහස් කරගත්ත කියල නිකම් වෙනකෙනෙකුගේ දක්ෂ තාවයට තමයි යුද්දය ඉවර කලේ දැන් බැලුවහම කොහොමත් එකයි අපේ රට අද මහා ඛේදවාච ගොඩක සිටින රටක් අපරාද, ස්ත්‍රී දුෂණ ළමා අපචාර , ගණිකා මඩම්, මත්ද්‍රව්‍ය ගිනිඅවි රිය අනතුරු , දුගී බව, වසංගත රෝග මේ හැම එකක්ම එන්න එන්නම උඩු දුවන ස්වාභාවයක් තුල මෙරට පාලනය කරන උන් කොහේ ඉන්නවද කියල හිතෙනවා , දැන් දැන් අපටත් ආයුධයක් ( ගිනිඅවියක් ) කීයක් දීල හෝ තිය ගන්න වෙන ස්වාභාවයක් තමා තියෙන්නේ පාලකයිනි මීට වඩා මේවා ගැන සොයල ඉක්මන් විසදුම් දිය යුතුයි , නිකම් හැමදාම මල්වට්ටි අරගෙන පන්සල් ගිහින් අපි රවට්ටන්න හදන්න එපා .

:       0       0

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 154 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 263 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 728 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 73 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 9 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 12 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 756 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2294 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1967 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site