සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පනහේ සිට සත 25 දක්වා අඩු කිරීමෙන් ආනයනකරුවන් රුපියල් කෝටි 1600 ක අයුතු ලාභයක් උපයා ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
නැවත එම බද්ද සත විසිපහේ සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමෙන් සීනි ආනයන සමාගම් රුපියල් බිලියන ගණනින් අයුතු ලාභ උපයා ඇති බව ද එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙම බදු අඩු කිරීම කර තිබුණේ 2020 ඔක්තෝබර් මාසයේදීය. එසේම තිරිඟු පිටි ආනයනය 2023 අගෝස්තු මස තහනම් කර නැවත තිරිඟු පිටි ආනයනය කිරීමට ඉඩ දීමෙන් සැපයුම්කාර සමාගම් දෙකක් මිලියන ගණනින් අයුතු ලාභ උපයා ඇතැයි ද කාරක සභාව පවසයි.
අනෙකුත් සමාගම්වලට තිරිඟු පිටි ආනයනය රජය විසින් පසුගිය අගෝස්තු මාසයේ දී තහනම් කරනු ලැබීම නිසා ප්‍රධාන පිටි ප්‍රධාන සමාගම් දෙක විශාල පිටි තොග ප්‍රමාණයක් රැස් කර ගත් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. අනතුරුව මාස කීපයකින් තිරිඟු පිටි සඳහා රුපියල් 16 ක බද්දක් පැනවීමත් සමග මෙම සමාගම් දෙක විශාල ලාභයක් ලැබීම හේතුවෙන් මෙරට ජනතාවට හිමි යුතු බදු සහනයක් නොලැබී යන බව ද ඔහු කීවේය.
ඉහත සමාගම් උපයා ඇති ලාභ පිළිබඳව නිවැරදි තක්සේරුවක් කර බදු අයකිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹන ලෙසටද දැනුම් දුන්නේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සමාගම් වලට කෝටි 1600 ක අයුතු ලාභයක්