IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් ගෙදර

ප්‍රසන්න සංජීව තෙන්නකෝන් 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් සහ පුහුණුකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ වහාම මෙම පිරිස සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ද දැනගන්නට ඇත. 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හමුවේ ආසියානු කුසලාන අවසන් තරගයේ දී ලකුණු 50කට දැවී යාමෙන් පසු නිදහසට කරුණු විමසූ අවස්ථාවේදී ඉදිරිපත් කළ කරුණු කිසිවක් කිසිම ආකාරයකින් සිදු කිරීමට මෙම තේරීම් කමිටුව හා පුහුණුකරුවන් සමත්ව නැතැයි ක්‍රිකට් ආයතනයේ මතය වී තිබේ. ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 55කට දැවී යාම සම්බන්ධයෙන් ද කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබිණි. 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ​ඉන්දීය කණ්ඩායම හමුවේ පමණක් මේ ආකාරයෙන් දුර්වල වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අතර දැඩි කුතුහලයක් මතු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම අත්‍යාවශ්‍ය බවද ඔවුන්ගේ මතය වී තිබේ. 


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයන් වූ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් ආබාධ සුව වෙමින් සිටියදී ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළු කිරීමට යෝජනා වුවද එයට ක්‍රීඩා ඇමතිවරයා අවසර දී නොමැති බව ද වාර්තා වේ. 


මෙවැනි දීර්ඝ තරගාවලිහිදී සුවවෙමින් ඇති ආබාධ සහිත ක්‍රීඩකයන් යොදා ගැනීම සිදු කරන අතර ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් මේ ආකාරයෙන් කණ්ඩායමට නම් කළ ක්‍රීඩකයෙකු වූ අතර ඔහුගේ ආබාධය සුව වූ සැනින් නැවත කණ්ඩායමට පැමිණ වාර්තාගත ශතකයක් රැස් කිරීමටද ඔහුට හැකි විය.


මේ අතර ඊයේ (03) ද‌ා විශේෂ නිවේදනයක් නිකුත් කළ ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා යළිත් වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට තම තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නැයි දන්වා සිටියේය.

 



අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් ගෙදර

ඔබේ අදහස් එවන්න

පුවත්

ගිය මාස නවයට ඊශ්‍රායල සංචාරකයන් විසිදාහක් ඇවිත්
2024 ඔක්තෝබර් මස 28 49 0

සංචාරකයන් විසිදහස් පන්සිය පහළොවක් (20,515) මේ වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස 9 ක කාලයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්


එන සතියේ සිට පොල් ගෙඩියක් රුපියල් 105 ට?
2024 ඔක්තෝබර් මස 28 37 0

ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පොල් මිල පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (24) පැවැති පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් 105ක මට්ටමක පවත්


සහල් හිඟයක් ඇති නොවෙන්න පාලන මිල වැඩි කළ යුතුයි එක්සත් සහල් නිෂ්පාදක සංගමය
2024 ඔක්තෝබර් මස 28 29 0

ඉදිරි කාලයේදී සහල් හිඟයක් ඇති නොවී සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් ගොවීන් සතු තිබෙන වී තොග වෙළෙඳපොළට පැමිණිය යුතු බව එක්සත් සහල් නිෂ්පාදකයන්


රටේ ආරක්ෂාව තහවුරුයි ජනපති අනුර
2024 ඔක්තෝබර් මස 28 14 0

රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා මත පදනම්ව අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.


මහ ඡන්දය වෙනත් දිනයකට අලු‍තින් ගැසට්ටුවක්?
2024 ඔක්තෝබර් මස 28 65 0

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින


සජබ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 57,500ක අවම වැටුපක්
2024 ඔක්තෝබර් මස 28 31 0

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් සහ සියයට 24ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 310 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1131 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 638 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site