IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


සහල් හිඟයක් ඇති නොවෙන්න පාලන මිල වැඩි කළ යුතුයි එක්සත් සහල් නිෂ්පාදක සංගමය

ඉන්දික හේවාවිතාරණ
ඉදිරි කාලයේදී සහල් හිඟයක් ඇති නොවී සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් ගොවීන් සතු තිබෙන වී තොග වෙළෙඳපොළට පැමිණිය යුතු බව එක්සත් සහල්  නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අනුව නාඩු වී කිලෝවක් සඳහා ගොවින්ට රුපියල් එකසිය තිහක (130) හා සම්බා වී වර්ගවල කිලෝවක මිල රුපියල් 135 බවට පත් කළ යුතු බවද එම සංගමයේ  සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේය. වීවලට අදාළ සහතික මිල ඉහළ දැමීමට සාපෙක්ෂව දැනට සහල්වලට පනවා තිබෙන පාලන මිලද ඉහළ දැමිය යුතු බව ද හෙතෙම පැවසීය.
පසුගිය යල කන්නයේ අස්වැන්න ආසන්න වශයෙන් වී මේට්‍රික් ටොන් ලක්ෂ දහසයක් බවත් ඉන් සියයට හතළිහක් (40%) ගොවින් සතු බව ද පවසා සිටියේය. පසුගිය මැතිවරණ සමයේ දී වී කිලෝවක් සඳහා රුපියල් 130 ක සහතික මිලක් ලබා දෙන බවට ගොවීන්ට දේශපාලනඥයන් පොරොන්දු ලබාදීම නිසා පසුගිය දිනවල වී කිලෝවක් ගොවීන් අලෙවි කරනු ලැබුවේ රුපියල් 120 ඉක්ම වූ මුදලකට බවද සඳහන් කළේය.
රුපියල් 120 කට ලබාදුන් වී කිලෝවක් සඳහා මේ වන විට ගොවින් රුපියල් 130 ක්  හෝ ඊට වැඩි මිලක් බලාපෙරොත්තු වන බවත් එතෙක් ගොවීන් තමන් සතු වී තොග නිවෙස්වල තබාගෙන සිටින බවද පැවසීය.


මේ වනවිට මොල් හිමියන් සතුව තිබෙන්නේ රුපියල් 120කට හෝ ඊට වැඩි මිලකට ලබා ගත් වී තොග බවත්, මෙම වී තොග සහල් බවට පත් කර දැනට පවතින පාලන මිලට අලෙවි කළහොත් මොල් හිමියන්ට පාඩු සිදුවන බවද සඳහන් කළේය.
වී කිලෝවක් රුපියල් 120 කට ලබාගත් පසු සහල් කිලෝවක් සකස් කිරීමට අවශ්‍ය වීවලට පමණක් රුපියල් 200 ක් හෝ ඊට ආසන්න මුදලක් වැය වන බවද සභාපතිවරයා පැවසීය.මීට අමතරව, වී තොග මොල් වෙත ප්‍රවාහනය කිරීමට හා වී කෙටීමට, සහල් ඇසුරුම් කිරීමට, සහල් තොග වෙළෙඳුන් වෙත ප්‍රවාහනය කිරීමට හා මෝල් හිමියාගේ ලාභය ඇතුළත් කළ පසු, රුපියල් 120කට මිලදී වී කිලෝවක්  සහල් බවට පත්කිරීමෙන් පසු කිලෝවක් සඳහා මෝල් හිමියන්ට රුපියල් 223 ලැබිය  යුතු බවද සඳහන් කළේය. ඉන් පසුව තොග වෙළෙඳුන්ට සහ සිල්ලර වෙළෙඳුන්ටත් යම් ලාභයක් ලැබිය යුතු බවත් මේ අනුව නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 230 ක මිලක් නියම විය යුතු බවද සඳහන් කළේය.
එහෙත් මේ වන විට නාඩු වී කිලෝවක් සඳහා ගොවින් රුපියල් 130 මිලක් බලාපොරොත්තු වන නිසා මෝල් හිමියන්ට සහල් කිලෝවක් සඳහා රුපියල් 233 ක මුදලක් ලැබිය යුතු බවත්. මීට අමතරව තොග වෙළෙඳුන්ට හා සිල්ලර වෙළෙඳුන්ට ලාභයක් ලැබි යුතු නිසා නාඩු  සහල් කිලෝවක් සඳහා රුපියල් 240 ක මිලක් නියම විය යුතු බවද පැවසීය. 2022 ජුනි 10 දිනැති 2283/43 අංක දරණ ගැසට් නිවේදනයෙන් සහ 2022 මැයි 02 දිනැති 2278/02 දරන  ගැසට් නිවේදනය මගින් සුදු හා  රතු කැකුළු‍ කිලෝවක උ.සි.මි. රුපියල් 210 හා සුදු හා රතු නාඩු සහල් කිලෝවක උ.සි.මි. රුපියල් 220 සම්බා සහල් කිලෝවක උ.සි.මි. රුපියල් 230 ක්  හා කීරි සම්බා සහල් කිලෝවක උ.සි.මි. රුපියල් 260 නියම කර තිබෙන බවද පැවසීය. 
සහල් මිල සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත්  කර මේ වනවිට වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇති අතර වී කිලෝවක නිෂ්පාදන වියදම, සහල් කිලෝවක නිෂ්පාදන වියදම මෙන්ම ජීවන වියදමද මෙම වසර දෙකක කාලයේ තුල බොහෝ ඉහළ ගොස් තිබෙන බවද සදහන් කළේය. ඒ අනුව ඉහත ගැසට් නිවේදන මත තවදුරටත් සහල් මිල පවත්වාගෙන යාම වී ගොවියාට කරනු ලබන අගතියක් බවත් වී ගොවියාගේත්, සහල් පාරිභෝගිකයාගේත් යහපත සහ සහල් නිෂ්පාදකයන්ගේ මෙන්ම සහල් වෙළෙදුන්ගේ පැවැත්ම වෙනුවෙන් අලු‍තින් සහල් මිලක් නියම කළ යුතු බවද පැවසීය.
එනම් සුදු හා රතු කැකුළු සහල් කිලෝවක උ.සි.මි. රුපියල් 230 සුදු හා රතු නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 240 ක් සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 250 ක්  කීරි සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 260 වශයෙන් වෙනස් විය යුතු බවද සදහන් කළේය.
රජයේ සහතික වී මිල ප්‍රකාශයට පත් කිරීම යටතේ නාඩු වී කිලෝවක මිල රුපියල් 130 හා සම්බා වී වර්ගවල කිලෝවක මිල රුපියල් 135 බවට පත් කළ යුතු බව ද සඳහන් කළේය.
මිල වෙනස් කිරීමට අදාළ ඉල්ලීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටි බවද පැවසීය.



අදහස් (0)

සහල් හිඟයක් ඇති නොවෙන්න පාලන මිල වැඩි කළ යුතුයි එක්සත් සහල් නිෂ්පාදක සංගමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 951 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1018 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site