මනෝප්‍රිය ගුණසේකර
තම ආත්ම ගරුත්වයට කළ හානිය වෙනුවෙන් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා පොලිස්පතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනකුගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලා සිටී.
බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන, අධිකරණය අනිසි ලෙස භාවිතා කරමින්, මාස 11ක පමණ කාලයක් පුරා රක්ෂිත බන්ධනාගාර ගත කරවීමෙන්, නොකැළැල් චරිතයකින් හෙබි තමාගේ ආත්ම ගරුත්වයට කළ හානිය වෙනුවෙන් ශානි අබේසේකර මහතා මෙලෙස වන්දි ඉල්ලා සිටින්නේ පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත නමැත්තන්ගෙන්ය.”
තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කිරීමට විවිධ පුද්ගලයින්ට බලපෑම් කරමින්, අධිකරණය අනිසි ලෙස භාවිත කරමින්, ද්වේශ සහගත ලෙස තමා රිමාන්ඩ් බාරයට පත්කරවීමෙන්, තම ආත්ම ගරුත්වයට එල්ල කළ අපකීර්තිය වෙනුවෙන් වන්දි ඉල්ලමින් ශානි අබේසේකර මහතා කොළඹ දිසා අධිකරණයට මෙම නඩුව ඉදිරිපත් කර කර ඇත.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී සොයා ගත් ගිනි අවි සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ තීරණයකට අනුව බව කියමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙනම විමර්ශණයක් කර තමා අත්අඩංගුවට ගෙන මාස 11ක් රිමාන්ඞ් බාරයට පත්කරවු බවත්, පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත තමා නිදහස් කෙරුණු බවත් කී ශානී අබේසේකර මහතා, වගඋත්තරකරුවන්, තම ආත්ම ගරුත්වයට කළ අපකීර්තිය වෙනුවෙන් රුපියල් කෝටි 100 ක වන්දි ඔවුන්ගෙන් අයකර දෙන්නැයි ඉල්ලා සිටී.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශානි කෝටි 100 ක් වන්දි ඉල්ලයි