ඉන්දික හේවාවිතාරණ
වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාවට සාපේක්ෂව අතුරු වෛද්‍ය, පරිපුරක වෛද්‍ය, හෙද හා රෝහල් කාර්ය මණ්ඩල සඳහාත් රුපියල් 35,000 ක දීමනාවක් ලබා දෙන
ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ඉල්ලති.
අදාල ඉල්ලීම සම්බන්දයෙන් 16 වැනි දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.
මෙම වැඩ වර්ජනය සඳහා අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය, හෙද හා අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩල නියෝජනය කරන වෘත්තීය සමිති 100ක් සම්බන්ධ වන බවත්, අතුරු වෛද්‍ය සේවා යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවේ පිරිස් හා පවුල් සෞඛ්‍ය සේවාවේ පිරිස් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වන බවත් එම සංගමයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.
ඖෂධවේදීන් මෙම වැඩ වර්ජනයට සම්බන්ධ වන දින එදින ඖෂධ නිකුත් කිරීම පවා ඇණ සිටින බවත්, සියලුම රසායනාගාර පරීක්ෂණ වෘත්තීය චිකිත්සක, භෞතික චිකිත්සක සේවා පවා අඩාළ වන බවත් හෙතෙම පැවසීය.
හෙද නිලධාරීන් හා රෝහල් කාර්ය මණ්ඩල යටතේ රෝහල් පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය සේවාවේ සංවර්ධන නිලධාරීන්, සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්, රෝහල් ඕවර්සියර්වරුන්, උපස්ථායකවරුන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මෙම ක්‍රියා මාර්ගයට සම්බන්ධ වන නිසා එම සේවා පවා අඩාළ වන බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය පසුගිය 09 වැනි දින උදේ 8.00 සිට පැය 24 ක වැඩ වර්ජනයක් සිදු කළ බවත්, අතුරු වෛද්‍ය සේවාවට අයත් පිරිස් 10 වැනි දින උදේ 8.00 සිට පැය 48 ක වැඩ වර්ජන ක්‍රියා මාර්ගයක් සිදු කළ බවත් ලේකම්වරයා පැවසීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෛද්‍යවරුන්ට දුන්නා නම් අපටත් දෙන්න