උපුල් වික්‍රමසිංහ
2024 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීම සඳහා ෂියැන්ග් යැන්ග් හොන්ග් 3 චීන පර්යේෂණ නැව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා ඇතැයි දැන ගන්නට ලැබේ.
අප මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කපිල ෆොන්සේකා මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා පැවසුවේ එවැනි ඉල්ලීමක් ලැබී තිබුණ ද මේ දක්වා එය සැලකිල්ලට බඳුන් කර නැති බවය. වාර්තා වන තොරතුරුවලට අනුව අදාළ නෞකාව 2024 වසරේ ජනවාරි 5 වැනි දින සිට පෙබරවාරි 20 වැනිදා දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවසර ඉල්ලා ඇති අතර එම කාලයේ දී සාගර පර්යේෂණ කටයුතුවල නිරත වීමට නියමිතය. ෂියැන්ග් යැන්ග් හොන්ග් 3 චීන පර්යේෂණ නෞකාව සමග එක්ව සාගර පර්යේෂණ කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් දැනුම් දීමක් කර ඇත් ද යන්න ගැන අප ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (නාරා) ඉහළ නිලධාරියකුගෙන් කළ විමසීමක දී හෙතෙම සඳහන් කළේ මෙතෙක් ඒ ගැන දැනුම් දීමක් කර නැති බවය.
වසර 2022 දී යුආන් වන්ග් 5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණි අතර එහිදී ඉන්දියාවේත් ඇමෙරිකා එක්සත් ජනපදයේත් දැඩි අවධානය යොමු විය. ඉන්දියාව ඊට එරෙහිව ශ්‍රී ලංකා රජයට දැඩි විරෝධය පළකර සිටි බව ද ප්‍රකාශ විය. මේ අතර පසුගිය ඔක්තෝබර් මස 25 වැනිදා තවත් චීන පර්යේෂණ නෞකාවක් වන ෂ යැන් 6 නෞකාව කොළඹ වරායට පැමිණ මෙරට මුහුදු තීරයේ පර්යේෂණ කටයුතුවල නියැළිණ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීම සඳහා චීන නැවකින් තවත් ඉල්ලීමක්