ඉන්දික හේවාවිතාරණ
විදුලි බිල් නොගෙවීම නිසා මේ වසරේ ජනවාරි 01 දා සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළදී නිවාස, ව්‍යාපාරික ස්ථාන හා ආගමික ස්ථාන 512,247ක විදුලිය විසන්ධි කර තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
විදුලිබිල් ගෙවීමෙන් පසු නැවත විදුලිය ලබාදීම සඳහා එක් ස්ථානයකින් රුපියල් 3,000ක අමතර මුදලක් අයකර ගෙන තිබෙන අතර මේ අනුව විදුලිය විසන්ධි කළ ස්ථාන 512,247ක ප්‍රමාණයට නැවත විදුලි සැපයුම් ලබා දී රුපියල් 1,536,741.00ක මුදලක් උපයා ගෙන තිබේ.
පසුගිය වසරේදී විදුලිබිල් නොගෙවීම මත ස්ථාන 193,904ක විදුලිය විසන්ධි කර තිබේ. මෙම ස්ථාන සියල්ලම විදුලිබිල ගෙවා නැවත විදුලිය ලබාගෙන තිබෙන අතර නැවත සේවා ලබාදීමෙන් විදුලිබල මණ්ඩලය එම වසර තුළදී 581,712.00ක මුදලක් උපයා ගෙන ඇත. 2021 වසරේදී ස්ථාන 41,607ක විදුලිය විසන්ධි කර තිබෙන අතර නැවත එම ස්ථාන සියල්ලම විදුලිබිල් ගෙවා විදුලිය ලබා ගෙන තිබේ. මේ අනුව අදාළ සේවාව ලබාදීමෙන් එම වසර තුළදී 124,821.00 ක මුදලක් උපයාගෙන තිබේ.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී අලුතින් විදුලි සම්බන්ධතාවක් ලබා දීම සඳහා රු. 22500ක අයකර ගෙන තිබෙන අතර මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට අලුතින් විදුලි සම්බන්ධතාවක් ලබාදීම සඳහා රු. 49500ක මුදලක් අයකර ගන්නා බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාස 10ට නිවාස ලක්ෂ පහක විදුලිය කපලා