IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


මෙවර අවුරුදු නැකැත් ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් කියන කතා අසුබද?

අලුත් අවුරුද්දට ඇත්තේ තවත් දින කිහිපයකි.


අවුරුද්දේ සුවිශේෂිත්වය වන්නේ සුබ නැකතකට සියලු කටයුතු කළමනාකරණය කිරීමය.


 එහෙයින් නැකැත් සම්බන්ධයෙන් මුළු සමාජයේම ඇත්තේ වැඩි අවධානයකි. එහෙත් මෙවර නැකැත් සම්බන්ධව ප්‍රශ්නයකි.


 අවුරුදු නැකැත් සම්බන්ධයෙන් ඇතැම් ජ්‍යොතිෂ්‍යවේදීහු විවිධ කතා කියති. ඇතැමුන් කියන්නේ අලුත් අවුරුදු නැකැත් අසුබ බවය.


සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකැත් කමිටුව එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ අලුත් අවුරුදු නැකත්වල කිසිදු දෝෂ තත්ත්වයක් නොමැති බවය.


 මේ ඒ පිළිබඳ කළ විමසුමකි.

මෙවර හදල තියෙන නැකත මළ මිනියක් එළියට ගන්න නැකතක්
 ආචාර්ය පියසේන රතුවිතාන


 මෙවර අවුරුදු නැකත ලබාදී තිබෙන්නේ තත්කාල නැකතේ මේෂ ලග්නයෙන්. තත්කාල කේන්ද්‍රයේ සඳු නීචව අටේ සිටින්නේ සාමාන්‍යයෙන් ජ්‍යොතිෂය නැකත් සෑදීමේදී සඳු නීචකර අටේ තබන්නේ නැහැ. මේෂ ලග්නය පිහිටා තිබෙන්නේ හතර වැන්නේ. හතර වැන්නෙන් කියවෙන්නේ ගෘහය නැතහොත් කුස්සිය.


 නිවසක කුස්සිය තමයි අවුරුද්දේ නැකත් ඉටුකරන ප්‍රබලම කේන්ද්‍රස්ථානය වන්නේ. මෙවර යොදාගෙන තිබෙන අවුරුදු නැකත අප දන්නා ශාස්ත්‍රයට අනුව නම් මළ මිනියක් නිවසින් එළියට ගන්න දෙන නැකතක්.


 සෞම්‍යකාරක ගුරු සුභ නැකත් සෑදීමේදී 06 තබන්නේ නැහැ. සිකුරා 12 තබන්නේ නැහැ. එය අති නින්දිත ග්‍රහ පිහිටීමක්.
 රාජ්‍ය කාරක රවී, හය අධිපතියා වෙලා, හය අධිපති බුධත් සමග යෝග වීම සමස්ත ජනතාවගේම සෞඛ්‍ය පිරිහීමට හේතුවක් වෙනවා. ජ්‍යොතිෂයට අනුව බුධ යනු රෝග කාරකයක්.


ලෞකික වර්ධනය දෙන සිකුරු විපරිතව ක්‍රියාත්මක කෙරෙනවා මෙම ග්‍රහ පිහිටීමෙන්. මේ පිහිටීම නිසා රටේ කාම අපරාධවල සිට සියලු අපරාධ බහුලව ව්‍යාප්ත වන කාලයක් රටට උදාවන්නේ.


 ගුරු ග්‍රහකාරකයා, ආයුකාරකයා දුබලවීමෙන් මුළු රටම දේව සාපයකට ලක්වෙන්න පුළුවන්.


පොදුවේ ගත්තාම මෙවර අවුරුදු නැකත රටට, සමාජයට, රජයට, වාගේම සමස්ත ජනතාවටම අයහපත් බවයි අපට කිව හැක්කේ.
 මෙවර නැකත් සකස් කර තිබෙන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකත් කමිටුවේ සිටින අතකොලු පිරිසක්. මෙවර අවුරුදු නැකත්වලට ජ්‍යොතිෂ්‍යවේදීන් බොහෝ පිරිසක් විරුද්ධයි. අවුරුදු නැකත් දෝෂ සහිත බව අපි දැනගත්ත ගමන්ම මාධ්‍යයට ඉදිරිපත් කරන්න උත්සාහ ගත්තත්, කිසිම මාධ්‍යයකින් එය ප්‍රසිද්ධ කරන්න කැමැති වුණේ නැහැ.


මෙවර ඉදිරිපත් කර තිබෙන නැකත් සුබ නොවන නිසා අප්‍රේල් මස 14  වැනි දින උදෑසන 5.5 ට යෙදෙන  සුබ මොහොතින් උතුරු දිශාව බලා ලිප ගිනි මෙලවීම සුදුසුයි. ආහාර අනුභවය හා උදෑසන ගනුදෙනු කිරීම 5.53 උතුරු දිශාව බලා සිදුකිරීම යෝග්‍යයයි.

නැකත් හදා තිබෙන්නේ ගෘහය ගැන මිස කුස්සිය ගැන සිතා නොවෙයි.


 ● ආහාර අනුභව කරන නැකත මළ බත අනුභව කරන නැකතක්
 ජ්‍යොතිෂවේදී චමත් කොතලාවල
 මෙවර සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකත් කමිටුවෙන් ඉදිරිපත් කර ඇති අවුරුදු නැකතේ දෝෂ සහිත බවයි ශාස්ත්‍රීය කරුණු අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ.


මූලික සිද්ධාන්තයන්ට මෙවර නැකත් එකඟ නැහැ.


 සාමාන්‍යයෙන් අවුරුදු නැකතක දී චන්ද්‍රයා බලවත් කරලයි නැකත් ගත යුත්තේ. නමුත් මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් ලබාගෙන තිබෙන්නේ චන්ද්‍රයා දුර්වල තත්ත්වයට පත්කරලා.


මෙවර අවුරුදු නැකත අරන් තිබෙන්නේ මේෂ ලග්නයෙන්.


 අවුරුදු නැකත නියෝජනය කරනා හතරවැනි ස්ථානයේ සිටින මේෂ ලග්නයෙන් කියවෙන්නේ ගෘහය ගැන. හතරවැන්නේ ගෘහය ගැන කියවෙන කොටුවේ ස්ථානාධිපති ලෙස සිටින්නේ චන්ද්‍රයා. එම ග්‍රහ පිහිටීමේ අටවැනි කොටුවෙන් කියවෙන්නේ සුසාන භූමි ගැන. හතරවැන්නේ ගෙදර ගැන කියවෙන ග්‍රහයා කේන්ද්‍රයේ අටවැන්නේ තබා යොදා ගනු ලබන්නේ මළගමකට යොදන නැකත්වලට.


 උදාහරණයක් ලෙසට ආහාර අනුභව කරන්න තිබෙන නැකත, මෙවර නැකත් කමිටුවෙන් සකස් කර තිබෙන්නේ මළ බත අනුභව කරන්න යොදනා නැකතක් ලෙසට. එවැනි නැකත් නිසා රටට, ජනතාවට, අයහපතක් මිස සුගතියක් සිදුවන්නේ නැහැ.


 නැකත් කමිටුවේ සිටින කිහිප දෙනකුට ශාස්ත්‍රීය මට්ටමේ හොඳ දැනුමක් තිබෙනවා.

 

නැකත් කමිටුවේ පිළිතුර
● නැකැත් හැදුවේ බහුතර තීන්දුවෙන්
● කොතරම් හොඳ ඵල තිබුණත් ප්‍රායෝගික නැති නැකත් ගන්න බෑ.


නැකත් කමිටු සාමාජික ජ්‍යොතිෂවේදී රාජිත සිසිර කුමාර
නැකත් කමිටුවේ සාමාජිකයන් බොහෝ පිරිසක්  සිටිනවා. එම කමිටුවේ සියලුම සාමාජිකයන් නැකත් කමිටුව වෙනුවෙන් නැකත් ඉදිරිපත් කරනු ලබනවා. එහිදී මූලික සිද්ධාන්තයන් පදනම් කර ගනිමින් නැකත් තේරීමේදී නැකත් කමිටුවේ සාමාජිකයන්ගේ නැකත් ගැන සාකච්ඡා කරනු ලබනවා. එහිදී කරන්නේ නැකත් කමිටුවේ සියලුම සාමාජිකයන් එකතු වී මිනිස්සුන්ට ප්‍රායෝගිකව ගතහැකි හොඳම නැකත සම්මත කර ගැනීමයි.


මෙලෙස සම්මත කර ගැනීමේදී ඇතැම් විට මත ගැටුම් පවා ඇති වෙනවා.


බහුතර කැමැත්ත අනුවයි නැකත් සම්මත කරගැනීම සිදුවන්නේ.


 විශේෂයෙන්ම පොදු නැකතක් සෑදීමේදී රටේ සමස්ත පොදු ජනතාවට කෙලෙසින් බලපාන්නේද? යන්න ප්‍රධාන වශයෙන්ම සලකා බැලෙනවා. ඊට අමතරව නැකත් සඳහා යෙදෙන වේලාවල් ප්‍රායෝගිකව මහජනතාවට භාවිතා කළ හැකිද යන්න සොයා බැලෙනවා.
 උදාහරණයක් ලෙසට ආහාර පිසීමේ සිට ආහාර අනුභවය දක්වා වූ කාලයට සැලකිය යුතු කාල හෝරාවක් අවශ්‍ය වෙනවා.

කිරිබතක් පිස, අනුභවය දක්වා සකස් වෙන කාලයට අවම වශයෙන් විනාඩි 45 ක කාලයක් ගතවෙනවා.


 මෙපමණ කාලයක් ගත වෙන බව දැන දැන ආහාර පිසීමේ සිට ආහාර අනුභවයට විනාඩි 20 කින් හොඳ නැකතක් ලැබී තිබුණත් එවැනි නැකත් කොපමණ හොඳ වුණත් ප්‍රායෝගිකව භාවිතා කළ නොහැකි නිසා ඉවත් කරනු ලබනවා.


ජ්‍යොතිෂයේ ඕනෑම මතයක් තවත් සිද්ධාන්ත මතයකින් වෙනස් කළ හැකියි. යම් මතයක් හොඳ යැයි පිළිගන්නේ නම් එම මතයට තවත් තැනකදී අවශ්‍යතාව අනුව වෙනස් කර ගත හැකියි.


 එවැනි කරුණු කාරණා රාශියක් පදනම් වීමේදී බහුතරයක් විසින් ගන්නා තීරණයට හිස නැමීමට නැකත් කමිටුවට පවා සිදුවෙන අවස්ථා තිබෙනවා.

හදල තියෙන නැකතේ කිසිම වැරැද්දක් නෑ.


 වසර 23 ක් පුරා අවුරුදු නැකත් කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජික ජ්‍යොතිෂවේදී පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ
අවුරුදු නැකත් අසුභයි කියා ඇතැම් පිරිසක් කිව්වත්, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකත් කමිටුවෙන් සම්මත කර තිබෙන නැකත්වල කිසිම අසුබ තත්ත්වයක් නැහැ. අවුරුදු නැකතක් සකස් කිරීමේදී සෑම අංශයක් ගැනම කිරා මැන බලනවා. ඇතැම් ජ්‍යොතිෂ්‍යවේදීන් අවුරුදු නැකතේ තිබෙනවා යැයි කියන දෝෂ ගැන, නැකත් කමිටුව මගින් හොඳින් අධ්‍යයනය කර තිබෙනවා. 
චන්ද්‍රයා අටවැන්නේ තබා සකස් කළ නැකැත් තිබෙනවා ඉතිහාසයේ සිට මේ දක්වා තිස් ගණනක්.


පොදුවේ අවුරුදු නැකතකින් රටට සුබද අසුබද යන්න සොයා බැලීමක් සිදුවන්නේ නැහැ. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙන සංක්‍රාන්ති කේන්ද්‍රයට අනුවයි රටට සුබද අසුබද යන්න සොයා බැලෙන්නේ. එසේ නොමැතිව ලිප ගිනි මොළවන නැකතින්වත් ආහාර අනුභව කරන නැකතින්වත් රටට යහපතක් වේද, අයහපතක් වේද යන්න කිසිවකුට කිව හැකි වන්නේ නැහැ. 
අවුරුදු නැකතේ මුඛ්‍ය පරමාර්ථය මුළු රටක්ම, එකම තැනකදී වැඩකරමින් එක පවුලක් ලෙසට අත්වැල් බැඳ ගැනීම.


ලංකාවටම පොදු නැකතක් සෑදීමේදී බොහෝ කරුණු ගැන සලකා බැලෙනවා. වැඩි අවධානයක් යොමු කරනවා. මෙවර නැකත් කමිටුවෙන් ඉදිරිපත් කළ අවුරුදු නැකත් අසුබ බවට ඇතැම් පිරිස් කරුණු ඉදිරිපත් කර තිබෙන්නේ චන්ද්‍රයා අටවැන්නේ තබා නැකත් සෑදීම යන කාරණාව මතයි. නමුත් 1805 වසරේදී ඈපා අප්පුහාමි මහත්මයාගේ නැකත්වල පවා එවැනි ග්‍රහ පිහිටීම් යොදාගෙන තිබෙනවා.


රවි හෝරාවේ, රවි පංචම හෝරාවේ ලිප ගිනි මොළවන නැකත තිබිය යුතු බවයි අවුරුදු නැකතට විරුද්ධ වන්නන් ඉදිරිපත් කර තිබෙන්නේ.


 නමුත් මා මේ මොහොතේදී ඔවුන්ට එක අභියෝගයක් ඉදිරිපත් කරනවා. රවි හෝරාවේ, රවි පංචම කාල හෝරාවේ කිසිම දිනක ලිප ගිනි මෙළවීමේ නැකතක් ඉදිරිපත් කර නැහැ. වසර එකසිය හතළිස් ගණනක ඉතිහාසයේවත් එවැන්නක් සිදුවී නැහැ.


 මෙවර ආහාර අනුභව නැකත ද දෝෂ සහිත බවයි, පෙන්වා දී තිබෙන්නේ. ආහාර අනුභව නැකතට ගෙන තිබෙන්නේ රවි හෝරාවේ ගුරු පංචමය. ගුරු පංචමය යනු විෂ පංචමයක්. විෂ පංචමයක් සාමාන්‍යයෙන් නැකත් චාරිත්‍රයකට ගැනීමක් සිදුවන්නේ නැහැ.


රටේ අනාගතය ගැන තීරණය කරන්නේ සූර්යයා ගමන් කරනා සංක්‍රාන්තික හෝරාව එසේ නොමැතිව කන වේලාව, ලිප ගිනි මොළවන වේලාව අනුව රටට අසුබ තත්ත්වයක් උදාවෙනවා යැයි කියන්නේ අමූලික බොරුවක්. එවැනි පදනම් විරහිත ශාස්ත්‍ර විරෝධී ප්‍රකාශ ඉදිරිපත් කරනු ලබන්නේ ජ්‍යොතිෂය පිළිබඳව කිසිම අවබෝධයක් නැති පිරිසක්.


 සූර්යයා මේෂ රාශියේ අංශක බිංදුවට පැමිණෙන්නේ කොයි මොහොතේද, ඒ මොහොතට තත්කාල කේන්ද්‍රය සකස්කර ඒ මොහොතට සාපේක්ෂවයි රටේ අනාගත තොරතුරු ඉදිරිපත් කරනු ලබන්නේ.


සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකත් කමිටුවෙන් ඉදිරිපත් කෙරෙන නැකත් බාහිර පාර්ශ්ව විසින් විවේචනය කිරීම දැන් වසර දෙක තුනක සිට සිදුවන්නකි. එම විවේචනවල කිසිදු පදනමක් නැහැ. සැබෑවටම එය අප දකින්නේ විලාසිතාවක් බවයි.


 එලෙසින් සෑම වසරකම නැකත් විවේචනය කරන්නන්ගේ මූලිකම පරමාර්ථයක් වී තිබෙන්නේ මාධ්‍යයෙන් ප්‍රසිද්ධ වීම.

 සටහන - අසුන්තා එදිරිසූරිය



අදහස් (0)

මෙවර අවුරුදු නැකැත් ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් කියන කතා අසුබද?

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 139 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 229 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 654 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 63 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 9 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 12 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 686 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2198 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1893 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site