IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

මවගේ කිරිත් හිරුගේ කිරණත් නොමැති නම් ලෝකයක් පවතින්නට නොහැකි යන ශ්‍රේෂ්ඨ වැකිය මක්සිම් ගෝර්කි සිය පොතක ලියා තැබුවේය. එම වැකියට වසර සීයක් ගෙවී ගියද අදටත් එය පරම සත්‍යයක්ම සේ පවතී. එහෙත් ඒ සත්‍යය වේදිකාවල කතා සරසන්නට පොත් පිටු සරසන්නට පමණක් මිස කෙතරම් දුරට තමන්ගේ ජීවිතයට කවන්නට සමත්වූවන් සිටින්නේ කීයෙන් කී දෙනෙක්ද කියන ප්‍රශ්නයක් එදිනෙදා වාර්තා වන පුවත් විමසා බැලීමේදී මතු වේ. 


මව සතු වස්තුව උදුරාගෙන ඇය පාරට ඇද දැමූ ඇමති ලේකම්වරයෙක් යැයි කියා ගන්නා පුතෙකු හා ව්‍යාපාරික පුතෙකු ගැන පසුගියදා අපට කොට්ටාව පොලිසියෙන් අසන්නට ලැබිණ. 


දේපළ මිල මුදල් සතුව ජීවත්වීම ජීවිතේ සැපෙන් ගෙවන්නට සමත් වනු ඇතැයි සමාජයේ පවතින සාමාන්‍ය මතය වුවත් එවැනි දේපළක් යනු ජීවිතේ කෙටි කරගන්නට සිදුවන ජීවිතයට දුක් කම්කටොලු කැඳවන වස්තුවක් යන්න අද අපට සමාජය පෙන්වා දෙන යථාර්ථය වී තිබේ. සදාචාර ලක්ෂණ පිරිහී යාම සංස්කෘතිය පිරිහීම සමාජය ජරාජීර්ණ වීමේම ලක්ෂණ මිස අනෙකක් නොවේ. සමාජය පිරිහීම ධනය කේන්ද්‍ර කරගෙන සිදුවන බව සිදුවන සියල්ල පිරික්සා බැලීමේදී වැටහෙනු ඇත. ධනය මූලික කරගත් සමාජයක් තුළ දේපළ මිල මුදල් හමුවේ මිනිසත්කම මානුෂීය බැඳීම් සියල්ල කෙලෙසී යනු ඇත. ‘බල්ලෝ මරලා හරි සල්ලි හොයාපල්ලා’ යැයි පාලකයින්ට පවා කියන්නට සිදුවෙන්නේ ඒ නිසාය. 


මේ අම්මාටද මුහුණ දෙන්නට සිදුවූයේ ඒ යථාර්ථයට ම ය. ඇය සතුව මාසිකව ලැබෙන රුපියල් අනූදාහක මුදලක් හා ලක්ෂ විස්සක තැන්පතුවක් හා කෝටි ගණනක් වටිනා නිවසක් හා ඉඩමක් පැවැතීම ඇගේ ඉරණම තීන්දු කරන්නට සමත් වී තිබේ. ඇයට මෙතරම් වස්තුවක් කොහෙන්ද? ඒවා තියාගෙන ඇයි දුක් විඳින්නේ කියලා කෙනෙකුට සිතෙන්නට හැකිය. 


මේ මව ජීවත්වූයේ කොට්ටාව, පන්නිපිටිය, මොරකැටිය ප්‍රදේශයේය. ඒ ඇය ඇගේ සැමියා සමග මීට වසර විස්සකට තිහකට පමණ පෙර රුපියල් හතළිස් දහසකට මිලදී ගත් ඉඩමේ තනාගත් නිවසේය. ඇගේ මුල් ගම පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේය.

ඇගේ සැමියාද ඒ ප්‍රදේශයේ ජීවත්වූවෙකි. ඇයට ශිෂ්‍ය ගුරු පත්වීමක් ලැබුණේ 1963 දී ය. එහෙත් විවාහ වූ පසු සැමියා පැවසුයේ එය නවතා දමා අපි කොළඹට යමු යනුවෙනි. ඇය ඊට එකඟ වූවාය. කොළඹට පැමිණ කුලී නිවාසවල ජීවත්වෙමින් විවිධ ව්‍යාපාරික කටයුතුවල නියැලුණ මේ තරුණ යුවල ටිකින් ටික මුදල් එකතුකරගෙන ඉඩමක්ද මිලදී ගත්හ. එහි නිවසක්ද තනාගත්හ. ඔවුනට දාව පිරිමි දරුවෝ තිදෙනෙක්ද උපන්හ. මේ දෙමාපියන් තම දරුවන් තිදෙනාට උගන්වා ලොකු මහත් කළේ මහත් බලාපොරොත්තු දල්වාගෙනය. එය ඕනෑම දෙමාපියෙකුගේ ස්වභාවයකි.  දරුවන් ලොකු මහත් විය. එක්කෙනෙක් නිවසට යාබදවම පුංචියට ඇඟළුම් කම්හලක් ආරම්භ කළේය. අනෙකා හමුදාවට බැඳුණේය. වැඩිමලා දේශපාලකයන්ගේ පසුපස වැටී සිටියේය. බාල පුතු හමුදාවට බැඳී සිටියදී මියගියේය. වැඩිමලා විවාහවීමෙන් පසු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචියට ගියේය. දෙවැනි පුතු මහගෙදර නැවතී ඇඟළුම් කම්හල පවත්වාගෙන ගිය අතර ඔහුගේ බිරිඳ සැලූනයක් පටන්ගත්තාය. මේ යුවළ එක්ව මහගෙදර කොටසක් තවත් අලුත් කොටස් එකතුකර අලුත්වැඩියා කර නවාතැන්පොළක් බවට පත් කළහ. 


ඔවුන්ගේ පියා මියගිය පසු ඉතිරි වූයේ මව පමණි. හමුදාවේ සිටියදී යුද සමයේ මියගිය බාල පුතු වෙනුවෙන් වන්දි ලෙස ලක්ෂ විස්සක් ලැබුණ අතර එය මවගේ ගිණුමේ තැන්පත් කරනු ලැබිණ. එසේම මාසිකව පුතා වෙනුවෙන් වැටුපක් ලැබෙන අතර තමන්ගේ මාසික ආදායම රුපියල් අනූදාහක් පමණ වන බව මව පොලිසියට පවසා තිබේ. 


මෙවැනි ආදායමක් ලබන මව බෙදාගැනීමට නොව ඇගේ දේපළ බෙදාගැනීමට දැනට ජීවතුන් අතර සිටින පුතුන් අතර ගැටුම් ඇති විය. මේ ගැටුමේදී තමන් පත්වූ පීඩාව 83 හැවිරිදි මව පොලිසියේදී මෙසේ පවසා ඇත.


“පුතාගේ වාහනයට කියලා හැම මාසෙම මගෙන් රුපියල් හතළිස් දහසක් ගන්නවා. මගේ ඉඩම දැන් රුපියල් කෝටි දෙකක් විතර වටිනවා. ඒ නිසා පහුගිය දවසක දෙවැනි පුතයි ලේලියි මගේ අල්මාරිය කඩලා ඔප්පුව අරන් මා ලවා බලෙන් අත්සන් අරන් ඒක එයාලට ලියවගත්තා. ඊට පස්සේ මට පිස්සු කියලා පිටිපන පැත්තේ කාන්තාවෝ වගයක් ඉන්න තැනකට ගෙනිහින් දැම්මා. පස්සේ දෙවැනි පුතා ඇවිත් මාව එතනින් අරගෙන ගිහින් මාකොළ පැත්තේ ගෙයක් කුලියට අරන් එතන නැවැත්තුවා. පහුගිය 12 වැනිදා හැන්දෑවේ පුතා ඇවිත් වෙන තැනකට යමු කියලා මාව ආපහු මොරකැටියේ ගෙදරට එක්ක ආවා. අපි එනවා දැකලා ලේලි ලයිට් නිවලා දොරවල් වහලා දැම්මා. දෙවැනි පුතා මාව එතනම දාලා යන්න ගියා. මට කරගන්න දෙයක් නැති නිසා පොලිසියට ආවා. අනේ මේ මං වදාපු දරුවොද කියලා හිතෙනවා මහත්තයෝ. මට කොහේ හරි ඉන්න තැනක් හදලා දෙන්න, පිං සිද්ධවෙයි” 
මවගේ කතාවට ඇහුම්කන් දුන් පොලිසිය මේ මවගේ පුතුන් දෙදෙනා පොලිසියට කැඳෙව්වේය. ඒ කොට්ටාව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ මෙහෙයැවීමෙන් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එච්.ඒ. සුජිත්, පොලිස් සැරයන් 28041 මණ්ඩුල, කාන්තා පොලිස් කොස්තාපල් විහංගා යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි. 


එසේ පුතුන් කැඳවීමට දුරකථනයෙන් කතා කරද්දී එක් පුතෙක් තමන්ගේ බලපුළුවන්කාරකම කියා පෑවේය. ඒ තමන් අහවල් ඇමැතිගේ ලේකම් බව පවසමිනි. තමන්ගේ ප්‍රශ්නයට මැදිහත්වීම අනවශ්‍ය ගැටලු ඇතිකරන්නක් බවට ඇඟවෙන පරිදි ඔහු කතාකළේය. එහෙත් පොලිසිය ඔවුන් දෙදෙනාම කැඳවා මව බලාගන්නා ලෙස අවවාද කළේය. ඒ අවවාද වම් කනින් අසා දකුණු කනින් පිට කළ දෙපුතනුවෝ මව බලාගැනීමට තමන්ට නොහැකි බවත් ඇය වැඩිහිටි නිවාසයකට ඇතුළත් කරන බවත් පවසා ආපසු රැගෙන ගියහ. 


දරුවන් විසින් රැගෙන ගිය ඇයට කුමක් වී දැයි පොලිසියට අදහසක් නැත. කෙසේ වුවද මේ මව සතු දේපළවලට තණ්හා කරන්නේ කිසිදු දේපළක් ධනය ඉපයීමේ මාර්ගයක් නොමැති දරුවන් නොවේ. එසේම මේ දරුවන් සමග එක්ව මේ මවට කෙනෙහිලිකම් කරන්නට ලේලියන්ද එක්ව සිටී. මේ ලේලියන්ද අද මවක් සේම හෙට දවසේ නැන්දම්මා කෙනෙක් වනු ඇත. තම කුසින් වැදූ දරුවන් තමන්ට එලෙස සැළකුවහොත් තමන්ට දැනෙන වේදනාව ගැන ඔවුන් මඳකට වත් නොසිතන්නට ඇත. කෙසේ වුවද තමන් සපයන හොඳ ආදර්ශයන්ට වඩා දරුවන් වඩාත් පහසුවෙන් අත්පත් කරගන්නේ නරක ආදර්ශයන් වන බැවින් මේ පුතුන්ගේ දරුවන්ද ඔවුන් මේ ආකාරයටම නොසලකා සිටීවි යැයි කිව හැක්කේ කාටද?


බෞද්ධකම රැකගන්නට, බුදුසසුන රැකගන්නට කෑගසන, හෙළ බොදු යැයි කියන රටක පුර පෝය දවසේ මෙවන් ඉරණමකට මුහුණ දෙන්නට මවකට සිදුව ඇත්නම් ඒ බොදු රටේ යථාර්ථය කෙබඳුදැයි අනෙක් ආගම් හෙළා තලා බොදුකම ඉහළින් තබා  කතා කරන්නන්ට යළිත් සිතන්නට සිදුවනු ඇත. 

මුදිතා දයානන්ද
මත්තේගොඩ- ශාන්ත ප්‍රදීප් කුලරත්න 



අදහස් (9)

මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

රේණුකා Tuesday, 21 March 2017 09:16 PM

මෙයට ප්‍රධාන හේතුව රඡයෙ හෝ රාජ්‍ය නොවන හෝ සන්විධාන වලින් යම්සිකි නීතිමාලාවක් ක්‍රියාත්මක නොකීරීම...වැඩිහිටි දෙමාපියන්ගෙ බුදලය හෝ මිල මුදල් ඇත්නම් ඒවා මරණයෙන් පසු අත්කරගැනීමට පමනක් හැකිවන අයුරු නීති වෙනස් විය යුතුයි. යුරෝපයෙ සහ ඊශ්‍රායල් යන රටවල වැඩිහිටියන් වෙනුවෙන් ඔවුන්ගෙ දේපල වෙනූවෙන් කාටවත් අත තියන්න බැ.. වැඩිහිටි නිවාස වලට ඇතුලු කලත් ඔවුන්ගෙ දේපල එම ආයතන වලට පවරනවා..ඒ ගැන සොයාබලන ආයතන තියෙනවා.. අපෙ ලංකාවෙ දරුවෝ කසාද බදිනකොට දෙමාපියෝ නොකා නොබී දුක් වීද හරි හම්බ කර ගත් දේ දිය දිය යුතු අතර ඉති කොටස වයසට යද්දි මැරෙනකල් අපි බලාගන්නම් කියලා රවටගෙන ලියාගන්නවා.. ඊට පස්සෙ පල නොකියා පලා බෙදනවා.. වෙනස්කම් කරනවා. හිරිහැර කරනවා.. අවදිවීමට කාලය ඇවිත් හමාරය... දරුවන්ට දේපල උරුම විය යුත්තේ දෙමාපියන්ගේ අභාවයෙන් පසුව මෙන්ම..මරණය සාදාරණ එකක් විය යුතුයි. සැක සහිත මරණයක් සිදු වුවහොත් දේපල සහ මිල මුදල් රාජ්‍යසන්තක කර මිය ගිය අයට පින් පිනිස සමාඡයෙ දුගී දුප්පත් අය වෙනුවෙන් සමාඡ සත්කාර සදහා යෙදවිය යුතුයී..නැත්නම් අකල් මරණ වලට ගොදුරු කරලා දේපල ගන්න අපෙ ලංකාවෙ දුවා දරුවෝ මෙ යන විදියට පසු බට නොවන්නෝය......

:       3       77

janatha anura UAE Friday, 24 March 2017 06:04 AM

බුදු දහම මෙයට අදාල නොවේ එහි ඉගැන්වීම වෙනත් දෙයක් ප්‍රශ්නය නම් මේ අය දහම අදහනවද යන්නය මට පේන විදිහට මේ අයගේ ආගම මුදල් සහ දේශපාලනය පියා ගේ ක්‍රියාකලාප ද සොයා බැලීමෙන් විසඳුමකට පැමිණිය හැක ලේ වල ප්‍රශ්නයක්

:       0       2

ishan Monday, 27 March 2017 06:32 AM

අනුර එහෙනම් මේ බුද්දාගම මොන කෙන්ගේඩියකටද ලංකාවට එක මිනිස්සුන්ට හොඳ දෙයක් අර්ථවත් දෙයක් කියා දෙන්නේ නැත්නම් මොන මගුලකටද එක ලංකාවේ තියෙන්නේ ඉන්දියාවෙන් දෙන පිස්සු ඒවා ගන්නවා වගේ එකත් අර ගත්ත එහෙනම්

:       503       0

janatha anura Tuesday, 28 March 2017 08:21 PM

අපි ආවේත් ඉන්දියාවෙන් දහම ලැබුනේ ඉතාම සාමකාමී අපේම අයගෙන් එහෙම නැතුව දස දහස් ගානක් මරා දමා පාලනය බලෙන් අරගෙන නොවේ දෙදහස් පන්සීය වසරක ඉතිහාසය ලේ වල ගැබ් වී ඇත යටත් විජිත වාදයේ පැටලී තම පාරම්පාරික පැවතුම් තම පරපුර ජාතිය ආගම පාවා නොදුන් අද සිංහල බෞද්ද ජනයාගේ ගෞරවය එකෙක්ගේ අමන ක්‍රියාවක් නිසා යටපත් කිරීමට අසින්හලයන්ට නොහැකි වනු ඇත

:       0       0

kengediya Tuesday, 28 March 2017 08:32 PM

එහෙම නම් මෙතුමා කියන විදිහට අපි හරකෙක් එළුවෙක් මරාගෙන බෙදා හදා ගෙන කාල ආගම සිහිකරගෙන අර අම්මටත් කොටසක් දීල අපි ජීවත් වෙමු පසුව හරකා මිනිහ වෙලා ඉපදෙනවා මිනිහ හරකා වෙනවා හරකා වුන මිනිහට බෙල්ල කපන විට අර වේදනාව දැනෙනවා මේ චක්‍රය දිගටම සිදු වනවා ගැලවීමක් නැහැ මෙතුමා අද ඉන්නේ මනුෂ්‍යයෙක් විදිහට එම නිසාම අනෙක් අයගේ විශ්වාසයන්ට නිගරු කරනවා තම විශ්වාසය තහවුරු කරනවා දෙවි පිහිට පතනවා සමගම තෙරුවන් සරණ පතමි

:       0       0

appuva Tuesday, 28 March 2017 08:38 PM

ඔහේ පලයන් ඉෂාන් කොලුවට බුද්ධාගම වහ කදුරු වගේ නොව මක් කොරන්නද බන් දෙදහස් පන්සීය වසරක් පුරාවට මිනිස්සු ඇදපු දර්ශනයක් කෙන් ගෙඩියක් වෙන්නේ කොහොමද බන් මේක මුගල් ආදී රජ්ජෙන්වත් පරන්ගින්ගෙන් වත් ලැබුණු කෙන් ගෙඩියක් නොවෙයි බොලන්ලා නොදන්න කෙහෙල් මල් ගැන කොමෙන්ට් නොදා තමන්ගේ කෙන්ගෙඩිය අදහගෙන හිටිය නම් ඉවර නොව

:       0       0

janatha anura Tuesday, 28 March 2017 08:51 PM

බහුතර බෞද්ධ ජනතාව බොදුකම ඉහලින් තබා අනෙකුත් ආගම් හෙලා දකින්නේ නැහැ සැම ආගමකටම ගරු කල යුතුබව ඉගැන්වේ අනෙකුත් ආගම් විශ්වාසයන් අදහන විනාශ කලයුතුබවක් කියා නැහැ ලියුම්කරුට වැරදීමක් වෙලා සමහරවිට අන්‍ය ආගමිකයෙක් වෙන්න පුළුවන මෙම අදහස මැද පෙරදිග රටක එම රටේ ආගම ගැන ලියුව නම් මෙතුමාගේ හිසත් නැහැ බුදු දහමේ විමසා බැලීමේ අයිතිය, සාදාරනය නිදහස මැනවින් ඇගයීමට එම කරුණම ඇත

:       0       0

lakshman morakatiya Tuesday, 28 March 2017 08:57 PM

මෙම පවුල බෞද්දයන් බව නිගමනය කිරීම වැරදිය මිශ්‍ර පවුලක් අපි ඉන්නේ මොරකැටියේ බහුතරය වෙනත් ආගම් අදහන කොටසේ අපි සමගියෙන් ඉන්නවා ගෙවල් තුල සිදුවන දේවල් අපි සොයන්නේ නැහැ දැනුවත් වුනා නම් මේ ප්‍රශ්නය විසඳනවා

:       0       0

Sri wikrama Tuesday, 28 March 2017 09:00 PM

රටින් පිටුවහල් කල යුතුව තිබුනේ මා නොව මේ අම්මගේ පුත්තු දෙන්නාය

:       0       0

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 140 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 233 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 668 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 63 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 9 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 12 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 695 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2219 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1908 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site