ඉන්දික හේවාවිතාරණ
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කරමින් තිබෙන නිසා එයට එරෙහිව මේ මස 22 වැනි දින සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
පවතින ගැටලු විසඳන ලෙස ඉල්ලා මේ මස 08 වැනි දින සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට ලබාදෙන ඩෙංගු තත්වය ඇතුළුව සියලු වාර්තා ලබාදීම අත්හිටුවා තිබෙන බවත්, 15 වැනි දින සිට ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් සිටින බවත් එම සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා සඳහන් කළේය.
මෙම වෘත්තීය ක්‍රියා මාර්ග සැලකිල්ලට ගනිමින්වත් බලධාරීන් විසින් අදාළ ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා මේ මස 22 වැනි දින සිට බෝවන රෝග විස්සකට වැඩි ප්‍රමාණයකට අදාළ රාජකාරි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය. දෙසැම්බර් 01 වැනි දින සියලුම ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වී කාර්යාලවල රැඳී සිටීමට කටයුතු කරන බවත්, දෙසැම්බර් 15 වැනි දින සිට පළාත් වශයෙන් උද්ඝෝෂණ පැවැත්වීමට, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට හා විරෝධතා පාගමන් පැවැත්වීමට කටයුතු කරන බවත් බෝපිටිය මහතා සඳහන් කළේය.
පවතින උසස් වීම් ගැටලු හා ක්ෂේත්‍ර රාජකාරි සඳහා ලබා දෙන ප්‍රවාහන දීමනා හා කාර්යාල දීමනා ගැටලු ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියා මාර්ග සිදුකරන බවත්, මේවා මුල්කර ගනිමින් දෙදින වැඩ වර්ජනයක්ද පසුගිය මාසයේදී සිදු කළ බවත්, ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් නොලැබුණ බවත් හෙතෙම පවසා සිටියේය.
පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු 322ක ප්‍රමාණයෙන් තනතුරු 142ක් පුරප්පාඩු වී තිබෙන බවත්, මෙම තනතුරුවල වැඩ බැලීමේ රාජකාරි සිදුකරන බවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු 150ක පමණ පුරප්පාඩු පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පී.එච්.අයි මහත්වරු 22 සිට බෝවන රෝග රාජකාරියෙන් ඉවත් වෙති