රටේ පැවතුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්නට සියලුම දෙනා එක් වූ අයුරින්, වර්තමානයේ මුහුණ දී තිබෙන මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ මැඩපැවැත්වීමේ යුද්ධයට සියලුම දෙනාගේ උදව් අපේක්ෂා කරන බව, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පැවසීය. මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩීම වෙනුවෙන් රට පුරා දියත් කරන මෙහෙයුම සම්බන්ධයෙන්, මාධ්‍ය ආයතනය හිමිකරුවන් සහ මාධ්‍ය ප්‍රධානීන් දැනුම්වත් කිරීම සඳහා පැවති සාකච්ඡාවේදී, ඔහු මේ බව පැවසීය.
“රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, මත්ද්‍රව්‍යත් පාතාලයත් මර්දනය කළ යුතුයි. ඒ සටනේ දී, ඉදිරියට තබන කිසිදු අඩියක් ආපස්සට නොගන්නා ලෙස, මා පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් ගන්නා ඕනෑම පියවරක් වෙනුවෙන් මා පෙනී සිටිනවා. මෑත කාලය තුළ, අපරාධවල යම් අඩුවක් දක්නට ලැබුණත්, එය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම මගේ ඉලක්කයයි.” යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක් වූ වැඩබලන පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු කිසිදු බියකින් තොරව පොලීසියට ලබාදීමට මහජනතාවට හැකි බවයි.
ඒ සඳහා රහස්‍යභාවය සුරැකෙන අයුරින් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද, දුරකතන මාර්ගයෙන් ලබා දෙන පණිවුඩවලදී, පණිවුඩය ලබා දෙන්නාගේ අනන්‍යතාව හෙළි නොවන ආකාරයට, එම ක්‍රියාවලිය සකසා ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා පැවසීය. රටේ අනාගතය වෙනුවෙන්, ශ්‍රී ලංකා පොලීසිය ඉරිදා (17දා) සිට දියත් කරන මෙම දැවැන්ත වැඩපිළිවෙලට සියලු දෙනාගේම සහයෝගය අපේක්ෂා කරන බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.
(මත්ද්‍රව්‍ය තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක 28 වැනි පිටුවේ පළවේ)
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දෙවැනි යුද්ධය ජයගන්න ටිරාන් සහාය ඉල්ලයි