- ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන
උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව පැරිස් සමාජය හා චීනයේ එක්සිම් බැංකුව සමග ඉදිරි මාස තුනක කාලයේදී අවසන් ගිවිසුම්වලට එළැඹීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
එසේ ගිවිසුම්ගත වූ පසු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමග සාකච්ඡා කර එම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුමට මේ වසරේ පළමු කාර්තුව ඇතුළත එළැඹිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
චීනය ඔවුන්ගේ ණයවලින් කොටසක් කප්පාදු කිරීමට එකඟ වනු ඇතැයි සිතිය නොහැකි බව කී ආචාර්යවරයා ණය ගෙවීමට ලබා දෙන කාලය දීර්ඝ කිරීමක් පමණක් කරනු ඇතැයි ද පුරෝකථනය කළේය. සියලු ණය හිමියන් සියයට 25 කින් ණය කප්පාදු කිරීමට එකඟ වුවද නැවත ණය ගෙවීමට පටන් ගත් විට රටට දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙන බව ද හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කීවේය.
ණය සඳහා අය කරන පොලී අනුපාත අඩු කිරීමට වාණිජ ණය හිමියන් යෝජනා කළ ද ඊට මුදල් අමාත්‍යාංශය එකඟ නොවූ බැවින් වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අපේක්ෂා කරන සහනය කවරක්ද යන්න ගැන අමාත්‍යාංශය වාණිජ ණය හිමියන්ට දැනුම් දිය යුතු බව ද විජේවර්ධන මහතා කියා සිටියේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉදිරි මාස තුනේදී ගිවිසුම් ගත විය යුතුයි