නිමල කොඩිතුවක්කු
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය.
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කළුආරච්චි මහත්මිය සඳහන් කළාය. වියළි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බවත් ඇය පැවසුවාය.
මෙයට අමතරව ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවත් කළමනාකරණය කරමින් එම ප්‍රදේශවලට ජලය නිකුත් කරන බවත් කළුආරච්චි මහත්මිය සඳහන් කළාය.
මෙයට අමතරව වෙනත් ජල සම්පාදන ක්‍රම සඳහා ජල සැපයුම සීමා කිරීමට හෝ අත් හිටුවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වුවත් ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් උස් ප්‍රදේශවලට දිවා කාලයේ දී ජල සැපයුම අඩාළ වීම හෝ නොලැබී යාම සිදුවිය හැකි බවත් ඇය සඳහන් කළාය.
වියළි කාලගුණ තත්ත්වය අඛණ්ඩව මැයි මාසය පමණ වන තෙක් පවතින්නේ නම් බොහෝ ප්‍රදේශවලට ජලය මුර ක්‍රමයට ලබාදීමට සිදුවන බවත් කළුආරච්චි මහත්මිය සඳහන් කළාය. අවශ්‍ය නම් ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමට හැකියාව පවතින බවත්, ඒ සඳහා බවුසර් 150 ක් සූදානමින් පවතින බවත් ඇය සඳහන් කළාය. ජලය සැපයීමේ දී යම් ගැටලුවක් මතුවුව හොත් 1939ට දැනුම් දීමක් සිදුකරන ලෙස ඉල්ලීමක් කරන බවත් කළුආරච්චි මහත්මිය තවදුරටත් කීවාය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න - ජල මණ්ඩලය ඉල්ලයි