අංජුල මහික වීරරත්න
ජපාන ආධාර යටතේ ආරම්භ කර අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට අවධානය යොමු කරන බව ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා පැවසීය.
ශ්‍රී ලංකා ආර්ථිකය කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර ජනපතිගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ එම ප්‍රගතියට හේතු ව බවද ජපාන මුදල් අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී සිකුරාදා (11) හමු වූ අවස්ථාවේදීය.
මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතාවට හේතු වූයේ වූයේ ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ බවද ඔහු කීවේය.
දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමේ අරමුණින් ජපාන මුදල් අමාත්‍යවරයා මෙරට දෙදින නිල සංචාරයක නිරතව සිටියි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රතිසංවර්ධනය කිරීම සහ ජපන් ආධාර යටතේ ක්‍රියාත්මකව අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳව ද ණය ප්‍රශස්තකරණයෙහි සාර්ථකත්වය පිළිබඳවද සාකච්ඡා කෙරිණ.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය හේතුවෙන් යෙන් මුදල් ඒකකයෙන් ලබා දී තිබූ ණය අත්හිටුවීම පිළිබඳ සඳහන් කළ ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ යෝජිත අවබෝධතා ගිවිසුමට එළැඹීමෙන් පසුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධීක්ෂණය කරනු ලබන ණය තිරසරභාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරැව එම ණය මුදල් නැවත ලබාදීමේ හැකියාව පවතින බව සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජපානය ආධාර දුන් සංවර්ධන වැඩ යළි ඇරඹෙයි