අජන්ත කුමාර අගලකඩ
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල රු. ලක්ෂ 26 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර ඇත. පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු දැනට තැන්පත් කළ යුතු රු.50,000ක ඇප මුදල රු. ලක්ෂ 26 දක්වා ද, ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු රු.75,000ක ඇප මුදල රු. ලක්ෂ 31 දක්වා ද වැඩි කිරීමට රජය යෝජනා කර ඇත.
පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයකු තැන්පත් කළ යුතු බවට යෝජනා කර ඇති රු. ලක්ෂ 26 ක මුදලින් රු. ලක්ෂ 25ක් ආපසු ගෙවන මුදලක් ලෙස ද ඉතිරි රු. ලක්ෂය ආපසු නොගෙවන ඇප මුදලක් ලෙස ද තැන්පත් කිරීමට යෝජනා කර තිබේ.
මේ අතර ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු බවට යෝජනා කර ඇති රු. ලක්ෂ තිස් එකක මුදලින් රු. ලක්ෂ 30 ක් ආපසු ගෙවන ඇප මුදලක් ලෙස ද, ඉතිරි රු. ලක්ෂයක මුදල ආපසු නොගෙවන ඇප මුදලක් ලෙස ද තැන්පත් කිරීමට යෝජනා කර තිබේ. මේ අතර ,පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල ද ඉහළ දැමීමට යෝජනා කර ඇත.
ඒ අනුව, පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමක් දැනට නොකෙරෙන අතර, පාර්ලිමේන්තු මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන් රු. 10,000ක මුදලක් ද, පළාත් සභාවට ඉදිරිපත් වන අපේක්ෂකයකු රු. 5000ක මුදලක් සහ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු රු. 2000 ක මුදලක් ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බවට යෝජනා කර ඇත.
මේ අතර, ස්වාධීන අපේක්ෂකයකු මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේදී තැන්පත් කරන රු. 5000 ක ඇප මුදල රු. 15,000 දක්වා ද පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු රු. 2000ක ඇප මුදල රු. 10,000 දක්වා ද, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු ඇප මුදල රු. 5000 දක්වා ද වැඩි කිරීමට යෝජනා කර තිබේ.
නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා, අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද, පනත් කෙටුම්පතින් මෙම ඇප මුදල් වැඩි කිරීම යෝජනා කර ඇත.
සංචාරකයන් විසිදහස් පන්සිය පහළොවක් (20,515) මේ වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස 9 ක කාලයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්
ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පොල් මිල පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (24) පැවැති පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් 105ක මට්ටමක පවත්
ඉදිරි කාලයේදී සහල් හිඟයක් ඇති නොවී සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් ගොවීන් සතු තිබෙන වී තොග වෙළෙඳපොළට පැමිණිය යුතු බව එක්සත් සහල් නිෂ්පාදකයන්
රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා මත පදනම්ව අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් සහ සියයට 24ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ල
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජනාධිපතිවරණ අපේක්ෂක ඇප මුදල් ඉහළට