අජන්ත කුමාර අගලකඩ
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නැවත ක්‍රියාකාරීව එක්වෙමින් දේශපාලන කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ සඳහා කුමාරතුංග මහත්මියට පක්ෂයේ තනතුරක් සහ වගකීම් දිය යුතු බවට ඇයගේ පාර්ශ්වයෙන් යෝජනාවක්ද ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ඇත.
කුමාරතුංග මහත්මිය මේ සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කර ඇති අතර, ඒ අනුව ඇය ඉදිරියේ දී ශ්‍රීලනිපය සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වෙනු ඇත.
මේ අතර, හිටපු ජනාධිපතිනිය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පස්දෙනකු පත් කරනු ඇත.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන, මහින්ද අමරවීර, ෂාන් විජයලාල් ද සිල්වා, වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරු මෙසේ පත් කරනු ලැබ සිටිති. එම පස් දෙනා සහ හිටපු ජනාධිපතිනිය අතර මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන 09 වැනිදා හවස 06:00 ට ටොරින්ටන්හි පිහිටි හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේ දී පැවැත්වීමට නියමිතය.
තමන්ට පක්ෂයේ කටයුතු කරගෙන යාම සඳහා පක්ෂයේ සභාපති ධුරය වැනි තනතුරක් ලැබීම වඩා සුදුසු බවට කුමාරතුංග මහත්මියගේ පාර්ශ්වයෙන් යෝජනා වී ඇති අතර, ඒ සඳහා පක්ෂයේ එකඟතාවක් ලැබුණහොත් පක්ෂයේ සභාපති සහ නායක යන තනතුරු දෙකක් අලුතින් ඇති කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.
හිටපු ජනාධිපතිනියගේ හදිසි දේශපාලන ආගමනය සම්බන්ධයෙන් දේශපාලන කරළියේ දැඩි කතාබහක් ද මේ වෙන විට ඇතිව තිබේ.
සංචාරකයන් විසිදහස් පන්සිය පහළොවක් (20,515) මේ වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස 9 ක කාලයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්
ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පොල් මිල පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (24) පැවැති පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් 105ක මට්ටමක පවත්
ඉදිරි කාලයේදී සහල් හිඟයක් ඇති නොවී සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් ගොවීන් සතු තිබෙන වී තොග වෙළෙඳපොළට පැමිණිය යුතු බව එක්සත් සහල් නිෂ්පාදකයන්
රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා මත පදනම්ව අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් සහ සියයට 24ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ල
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
චන්ද්‍රිකා නැවත එයි