යොහාන් භාසුර
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඊආර්පී පරිගණක පද්ධතියක් හරහා ‘සැප්’ මෘදුකාංගයක් භාවිත කරමින් තොරතුරු දත්ත පවත්වාගෙන යන බවත්, එම දත්ත පද්ධතියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා පසුගිය වසරේ සේවයෙන් ඉවත්ව යෑමේ සූදානමක් ද පැවැති බවත් තොග ගබඩා පර්යන්තයේ වෘත්තීය සමිති නියෝජිතයෙක් ’ලංකාදීප’යට පැවසීය.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ පරිගණක තොරතුරැ දත්ත ලක්ෂ 13 ක් පමණ ප්‍රධාන පද්ධති යෙදුමෙන් මකා ඇතැයි වෝහාරික විගණනයකින් හෙළි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පසුගිය බ්‍රහස්පතින්දා (15 වැනිදා) හෙළි කළ කරුණු සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී මේ බව අනාවරණය විය.
ඉන්ධන හිඟය හේතුවෙන් 2022 වසරේ රට තුළ ඉන්ධන අර්බුදය ඇති වූ සමයේ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයෙන් රැපියල් කෝටි ගණනක් වටිනා ඉන්ධන බවුසර් හොර රහසේ පිට කළේ යැයි හෙළි වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනය අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කළ ද පසු කාලයකදී එය යටගැසූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.
මෙම දත්ත මකා දැමීමේදී 2022 වසරේ ඉන්ධන අර්බුදය පැවැති කාලයේ බොහෝ තොරතුරැ මකා ඇති බවත්, බොහෝ ඉන්ධන සැපයුම්වලට අදාළ බිල්පත් සහ වාර්තා පරීක්‍ෂා කිරීමේදී ඒවා මකා ඇතැයි හෙළි වී ඇති බවත් වෘත්තීය සමිති කියයි.
ඉන්ධන බවුසර් හොර රහසේ පිටකළේ යැයි කියන වංචාව එම පර්යන්තයේ හිටපු උසස්ම නිලධාරියෙක් සමඟ තොරතුරැ තාක්‍ෂණ අංශයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් එකතුව කළ වංචාවක් බව කී එහි වෘත්තීය සමිති නියෝජිතයෙක් එයට සම්බන්ධ ඇතැමුන් මේ වන විටත් සේවය අතහැර ගොස් ඇති බව වැඩි දුරටත් සඳහන් කළේය.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා 2022 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුව මෙම විගණනය කර ඇති අතර එම පැමිණිල්ල කිරීමෙන් පසුව 2023 වසර වන විට එම දත්ත මකා දැමීම් අඩුවී තිබේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඛනිජ තෙල් දත්ත මකා දමන්න උසස් නිලධාරියෙක් සම්බන්ධයි