ගුණසිංහ හේරත්
බගවන්තලාව සිට කාසල්රී ජලාශය දක්වා ජලය රැගෙන යන කෙසෙල්ගමු ඔයෙහි අඩි 15 සිට 20ක් තරම් ගැඹුරට හාරමින් මැණික් ගරන බව හරිත තරුණ සංවර්ධන පදනම නුවරඑළිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුට දන්වයි.
කෙසෙල්ගමු ඔයෙහි ගංවතුර පාලනය සඳහා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් දියත් කර තිබෙන ව්‍යාපෘතියට මුවාවී මෙම මැණික් ගැරිල්ල ක්‍රියාත්මක වන බවද හරිත තරුණ සංවර්ධන පදනමේ සභාපති වාරිමාර්ග ඉංජිනේරුවරයාට යැවූ ලිපියෙහි සඳහන් වෙයි.
ගංවතුර පාලන ව්‍යාපෘතිය සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ ඔය ගැඹුරු කළ හැක්කේ අඩි එකහමාරකට සහ පළල් කළ හැක්කේ අඩි එකහමාරකි. එහෙත් ඒ කොන්දේසි නොතකා අඩි 20ක් ගැඹුරට ඉල්ලම් සොයමින් ඔය හාරණ බව ද වාරිමාර්ග ඉංජිනේරුට යැවූ ලිපියෙහි සඳහන් වෙයි.
මෙම මැණික් ගැරිල්ල නිසා කාසල්රී ජලාශය රොන්මඩවලින් පිරී යන බවද විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, පොල්පිටිය සහ බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලිබලාගාරවලට විදුලිය නිපදවීමට තිබෙන හැකියාව අවම වන බවද ඒ ලිපියෙහි සඳහන් වෙයි. මෙම නීති විරෝධී මැණික් ගැරිල්ල රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයන් සහ මැණික් ව්‍යාපාරිකයන් එක්ව පවත්වාගෙන යන බවද හරිත තරුණ සංවර්ධන පදනමේ සභාපතිවරයා හෙළි කරයි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කාසල්රී ජලාශයෙන් බලාගාරයත් අනතුරේ